Tuesday, June 24, 2014

නහර ගැටගැසීම, දෙපා, වළලුකර ඉදිමීම ගර්භ”භාවයේ ලක්ෂණයක්

නහර ගැටගැසීම, දෙපා, වළලුකර ඉදිමීම ගර්භ”භාවයේ ලක්ෂණයක්

ගැබිනි සමය රෝගී තත්ත්වයක් නොවෙයි. එහෙත් මේ සිරුරේ වෙනස්කම් රැසක් සිදුවන කාලයකි. ඇතැම් වෙනස්වීම් සැබැවින්ම රෝග ලක්ෂණ වීමට ද පුළුවන. ගැබිනි කාලයේ වෙනස්වීම් ගැන විමසිලිමත් බවින් සිටිය යුත්තේ ඒ නිසයි.

සමහර වෙනස්වීම් තිබූ තත්ත්වයම වැඩි දියුණුවීමක් විය හැකියි. නහර ගැට ගැසීම එවන් තත්ත්වයකි. කලින් තිබුණත් නැතත් නහර ගැට ගැසීමේ තත්ත්වයට ගර්භ” මවුවරුන් පහසුවෙන්ම පත් වෙයි. මවු පදවියට පත්වීමත් සමඟ සිරුරේ වතුර එකතු වීම වැඩි වෙනවා. එවිට හෘද වස්තුව වෙත රුධිරය ගෙන යන ශිරාවල මාංසපේශී දුර්වලවීමක් නිසා රුධිරය එකතුවීමක් දක්නට ලැඛෙනවා. එවන් වේලාවට ශිරා දඟර ගැසී අවලස්සන අන්දමින් පෙනෙයි.

මෙබඳු මවක් අනවශ්‍ය ලෙස සිටගෙන සිටිනවා නම්, වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම නොකරනවා නම් තත්ත්වය එන්න එන්නම බරපතළ වේ. මවු පදවිය ලැබුණු පසු මේ තත්ත්වය නැති වී යයි. එහෙත් සියයට පහක් පමණ දිගින් දිගටම නහර ගැට ගැසීමෙන් පීඩා විඳිති. මෙවැනි අය වාඩි වී සිටින විටදී බංකුවක දෙපා තබා ගැනීමට පුරුදුවීමෙන් සහනයක් ලැබේ. නිදා ගන්නා විට හිසට කොට්ටයක් තබනවා වගේ දෙපාවලටත් කොට්ටයක් තබා ගන්න. ඇවිදීම, පිහිනීම මේ අයට හොඳ ව්‍යායාමයි.

සමහර කාන්තාවන්ගේ නහර ගැට ගැසෙන්නේ දෙපාවල පමණක් නොවෙයි. යෝනි මඟ දෙපස, මුත්‍ර මාර්ග විවරය ආසන්නව නහර ගැට ගැසිය හැකියි. යෝනි මඟ දෙපස නහර ගැට ගැසී ඇති විට වේදනාවක් ද දැනෙයි. එවැනි තැන්වල නහර ගැට ගැසීම් ගර්භ”භාවය නිමවීමත් සමඟ සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

දෙපාවල ඇතිවන තවත් ගැටලුවක් වන්නේ දෙපා ඉදිමීමයි. මෙය ඛෙහෙවින් සැලකිලිමත් විය යුතු තත්ත්වයකි. මවක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන විට ද දෙපා ඉදිමෙයි.

අධික රුධිර පීඩනයෙන් පෙළෙන මවකගේ මුලින්ම වළලුකර ඉදිමේ. මේ නිසා වළලුකර ඉදිමුණු විට රුධිර පරීක්ෂණයක් කරගැනීම ඉතා වැදගත්ය. සුළු රුධිර පීඩන වෙනසකදී වුවත් මවකගේ සිරුරේ විශාල වෙනස්වීමක් ඇති වෙයි. රුධිර පීඩනය තවත් උග්‍රවන විට ඇස් වටේ ඉදිමීම, මුහුණ ඉදිමීම වගේ ලක්ෂණත් දකින්න ලැඛෙයි. උදරයේ ඇති සමේ වතුර එක් වී සම දෙහි ගෙඩියක ස්වභාවය ගැනීමට ද පුළුවන.

මෙසේ දෙපා ඉදිමෙන විට අක්මාවේ ක්‍රියාකාරිත්වය පරීක්ෂාකර බලන ලිවර් ෆන්ක්ෂන් ටෙස්ට්ස් නම් පරීක්ෂණය සිදු කරයි. ඒ සමඟම දෙපා ඉදිමෙන්නේ මුත්‍රා ආසාදනයක් නිසා ද කියාත් බලයි. ඊට පූර්ණ රුධිර පරීක්ෂණයක් (යුරීන් ෆුල් රිපෝට්) සිදු කරයි. අවශ්‍ය නම් යූරීන් කල්චර් පරීක්ෂණයකට ද යොමු කරයි.

ආසාදනයකදී වකුගඩු ක්‍රියාකාරිත්වයට තාවකාලික අවහිරතාවක් ඇතිවේ. එහි මූලික ලකුණ දෙපා ඉදිමීමයි. මවැනි මවුවරුන් ද දිගු කාලයක් හිටගෙන සිටීම, අනවශ්‍ය ලෙස ඇවිදීම සුදුසු නැත.ගැබිනි වූ විට සිරුරේ රුධිර වහනය වේගවත් වෙයි. රුධිර පරිමාවත් ඉහළ යයි. ඒ නිසා යම් කාර්යයක නිරත වෙන විට දෙපාවලට රුධිරය එකතුඳූවීම වැඩිවේ.

කලාතුරකින් කාන්තාවකගේ රුධිර වාහිනීවල රුධිර කැටි හිරවීමක් සිදුවිය හැකිය. කලවේ රුධිර වාහිනීවල රුධිරය හිරවීමක් හෝ ශ්‍රෝණියේ ඉහළින් රුධිර වාහිනීවල හිරවීමක් දකින්න ලැබේ. මෙවිට බරපතළ ලෙස දෙපා ඉදිමේ. එය බරවා රෝගියකුගේ මෙන් දක්නට ලැඛෙන ඉදිමීමකි. මෙවන් තත්ත්වයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පතන්න.

ඉදිමීම වැඩිවන විට අවට ඇති ස්නායු පටක තෙරපී පොඩි හිර ගතියක් දැනෙයි. ඒ වාගේම සංවේදිතාව ද අඩු වෙයි.

- චම්පිකා දීපානි රණසිංහ

No comments:

Post a Comment