Tuesday, June 24, 2014

නහර ගැටගැසීම, දෙපා, වළලුකර ඉදිමීම ගර්භ”භාවයේ ලක්ෂණයක්

නහර ගැටගැසීම, දෙපා, වළලුකර ඉදිමීම ගර්භ”භාවයේ ලක්ෂණයක්

ගැබිනි සමය රෝගී තත්ත්වයක් නොවෙයි. එහෙත් මේ සිරුරේ වෙනස්කම් රැසක් සිදුවන කාලයකි. ඇතැම් වෙනස්වීම් සැබැවින්ම රෝග ලක්ෂණ වීමට ද පුළුවන. ගැබිනි කාලයේ වෙනස්වීම් ගැන විමසිලිමත් බවින් සිටිය යුත්තේ ඒ නිසයි.

සමහර වෙනස්වීම් තිබූ තත්ත්වයම වැඩි දියුණුවීමක් විය හැකියි. නහර ගැට ගැසීම එවන් තත්ත්වයකි. කලින් තිබුණත් නැතත් නහර ගැට ගැසීමේ තත්ත්වයට ගර්භ” මවුවරුන් පහසුවෙන්ම පත් වෙයි. මවු පදවියට පත්වීමත් සමඟ සිරුරේ වතුර එකතු වීම වැඩි වෙනවා. එවිට හෘද වස්තුව වෙත රුධිරය ගෙන යන ශිරාවල මාංසපේශී දුර්වලවීමක් නිසා රුධිරය එකතුවීමක් දක්නට ලැඛෙනවා. එවන් වේලාවට ශිරා දඟර ගැසී අවලස්සන අන්දමින් පෙනෙයි.

මෙබඳු මවක් අනවශ්‍ය ලෙස සිටගෙන සිටිනවා නම්, වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම නොකරනවා නම් තත්ත්වය එන්න එන්නම බරපතළ වේ. මවු පදවිය ලැබුණු පසු මේ තත්ත්වය නැති වී යයි. එහෙත් සියයට පහක් පමණ දිගින් දිගටම නහර ගැට ගැසීමෙන් පීඩා විඳිති. මෙවැනි අය වාඩි වී සිටින විටදී බංකුවක දෙපා තබා ගැනීමට පුරුදුවීමෙන් සහනයක් ලැබේ. නිදා ගන්නා විට හිසට කොට්ටයක් තබනවා වගේ දෙපාවලටත් කොට්ටයක් තබා ගන්න. ඇවිදීම, පිහිනීම මේ අයට හොඳ ව්‍යායාමයි.

සමහර කාන්තාවන්ගේ නහර ගැට ගැසෙන්නේ දෙපාවල පමණක් නොවෙයි. යෝනි මඟ දෙපස, මුත්‍ර මාර්ග විවරය ආසන්නව නහර ගැට ගැසිය හැකියි. යෝනි මඟ දෙපස නහර ගැට ගැසී ඇති විට වේදනාවක් ද දැනෙයි. එවැනි තැන්වල නහර ගැට ගැසීම් ගර්භ”භාවය නිමවීමත් සමඟ සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

දෙපාවල ඇතිවන තවත් ගැටලුවක් වන්නේ දෙපා ඉදිමීමයි. මෙය ඛෙහෙවින් සැලකිලිමත් විය යුතු තත්ත්වයකි. මවක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන විට ද දෙපා ඉදිමෙයි.

අධික රුධිර පීඩනයෙන් පෙළෙන මවකගේ මුලින්ම වළලුකර ඉදිමේ. මේ නිසා වළලුකර ඉදිමුණු විට රුධිර පරීක්ෂණයක් කරගැනීම ඉතා වැදගත්ය. සුළු රුධිර පීඩන වෙනසකදී වුවත් මවකගේ සිරුරේ විශාල වෙනස්වීමක් ඇති වෙයි. රුධිර පීඩනය තවත් උග්‍රවන විට ඇස් වටේ ඉදිමීම, මුහුණ ඉදිමීම වගේ ලක්ෂණත් දකින්න ලැඛෙයි. උදරයේ ඇති සමේ වතුර එක් වී සම දෙහි ගෙඩියක ස්වභාවය ගැනීමට ද පුළුවන.

මෙසේ දෙපා ඉදිමෙන විට අක්මාවේ ක්‍රියාකාරිත්වය පරීක්ෂාකර බලන ලිවර් ෆන්ක්ෂන් ටෙස්ට්ස් නම් පරීක්ෂණය සිදු කරයි. ඒ සමඟම දෙපා ඉදිමෙන්නේ මුත්‍රා ආසාදනයක් නිසා ද කියාත් බලයි. ඊට පූර්ණ රුධිර පරීක්ෂණයක් (යුරීන් ෆුල් රිපෝට්) සිදු කරයි. අවශ්‍ය නම් යූරීන් කල්චර් පරීක්ෂණයකට ද යොමු කරයි.

ආසාදනයකදී වකුගඩු ක්‍රියාකාරිත්වයට තාවකාලික අවහිරතාවක් ඇතිවේ. එහි මූලික ලකුණ දෙපා ඉදිමීමයි. මවැනි මවුවරුන් ද දිගු කාලයක් හිටගෙන සිටීම, අනවශ්‍ය ලෙස ඇවිදීම සුදුසු නැත.ගැබිනි වූ විට සිරුරේ රුධිර වහනය වේගවත් වෙයි. රුධිර පරිමාවත් ඉහළ යයි. ඒ නිසා යම් කාර්යයක නිරත වෙන විට දෙපාවලට රුධිරය එකතුඳූවීම වැඩිවේ.

කලාතුරකින් කාන්තාවකගේ රුධිර වාහිනීවල රුධිර කැටි හිරවීමක් සිදුවිය හැකිය. කලවේ රුධිර වාහිනීවල රුධිරය හිරවීමක් හෝ ශ්‍රෝණියේ ඉහළින් රුධිර වාහිනීවල හිරවීමක් දකින්න ලැබේ. මෙවිට බරපතළ ලෙස දෙපා ඉදිමේ. එය බරවා රෝගියකුගේ මෙන් දක්නට ලැඛෙන ඉදිමීමකි. මෙවන් තත්ත්වයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පතන්න.

ඉදිමීම වැඩිවන විට අවට ඇති ස්නායු පටක තෙරපී පොඩි හිර ගතියක් දැනෙයි. ඒ වාගේම සංවේදිතාව ද අඩු වෙයි.

- චම්පිකා දීපානි රණසිංහ

අවසන් මාස තුනේදී දියවැඩියාව, අධි රුධිර පීඩනයෙන් ප්‍රවේසම්වන්න

අවසන් මාස තුනේදී දියවැඩියාව, අධි රුධිර පීඩනයෙන් ප්‍රවේසම්වන්න

සාමාන්‍ය ජීවිතයක් ගෙවන කාන්තාවකට වඩා ඇය ගැබිනියක් බවට පත් වූ විට ගෙවෙන සෑම තත්ත්පරයක්ම ඉතා වැදගත්. ඒ හේතුව නිසාම මේ කාලසීමාව තුළ ශරීරයේ දක්නට ලැඛෙන සුළු හෝ වෙනසකට දැඩි අවධානයක් ලබා දිය යුත්තේ එය ඉදිරියේදී බරපතළ රෝග අවස්ථාවක් දක්වා වර්ධනය විය හැකි නිසාවෙනි. කෙසේ වෙතත් ප්‍රසූතියට ආසන්න වන කාලසීමාව විශේෂයෙන් අවසන් මාස 03ක කාලය පිළිබඳ හොඳ සැලකිල්ලෙන් ගත කළ යුතුයි. මෙහි පවතින වැදගත්කම නිසාම ඒ පිළිබඳව ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමි” පෙරේරා මහතාගෙන් විමසා බලමු.

ගර්භ” අවධිය කාලය අනුව වර්ග වෙනවාද?
ඇත්තෙන්ම ගර්භ” කාලය ප්‍රධාන වශයෙන් මාස 3 බැගින් කොටස් 3 කට වර්ග වේ. එහිදී මුල් මාස තුන පළමු තෛ‍්‍රමාසිකය නම් වන අතර මේ කාලයේදී ගබ්සා වීම්, වමනය නිතර යාම ආදී ප්‍රශ්න ඇතිවිය හැකියි. මැද මාස 3 දී බරපතළ මට්ටමේ ගැටලුවලට මුහුණ දීමට සිදු නොවේ.

අවසන් මාස 3 ක කාලය අවසන් තෛ‍්‍රමාසිකය ලෙසින් නම් වන අතර එහිදී මුහුණ දීමට සිදු වන ගැටලු තරමක් බරපතළ බවින් වැඩිවේ.

අවසන් තෛ‍්‍රමාසිකයේ ඇතිවන ගැටලු මොනවාද?
මෙම අවසන් තෛ‍්‍රමාසිකය තුළ තරමක් බරපතළ මට්ටමේ ගැටලු ඇතිවිය හැකියි. ඒ අතර අධික රුධිර පීඩනය, දියවැඩියාව දරුවා කුස තුළ අසාමාන්‍යව පිහිටීම ( තට්ටමින් පිහිටීම, හරහට පිහිටීම) , දරුවාගේ ඌන වර්ධනය (ෂඹඨඍ), දරුවාගේ වර්ධනය අඩුවීම (ත‍ඨඍ) හෝ වර්ධනය වැඩිවීම මේ අතර ප්‍රධාන වශයෙන් දැකගත හැකි ගැටලු සහගත තත්ත්වයන්ය.

සාමාන්‍යයෙන් සති 34ක් පමණ වනවිට දරුවාගේ වැරදි පිහිටීම දැකගත හැකියි. මෙම කාලය සති 37 ක දරුවෙකුගේ ප්‍රාග් පරිණත අවධිය ලෙස සලකයි. සති 40 -42 ත් අතර කාලය පරිණත අවධිය ලෙසින්ද 42න් පසුව පශ්චාත් පරිණත අවධිය ලෙසින්ද හැඳින්වේ.

දියවැඩියාව පිළිබඳව මේ කාලයේදී අවධානයක් දිය යුතුද?

සාමාන්‍යයෙන් ගර්භ” මවක් සති 28 දී පරීක්ෂාවක් සිදු කළ යුතුයි. මෙය ග්ලූකෝස් ලබාදීම මඟින් සිදු කෙරෙන අතර මෙය ගර්භ” කාන්තාවන්ට අනිවාර්ය පරීක්ෂණයකි. ඒ වගේම දියවැඩියා වැළඳීමේ අවදානම වැඩි අයට පළමු මාස 3,4දීත් පරීක්ෂාකර බැලිය යුතුයි.

තවද මෙහි පූර්ව රෝග ලක්ෂණ නොමැති අතර මුත්‍රා පරීක්ෂා කිරීමෙන් පමණක් දියවැඩියාව තිබේදැයි හඳුනාගත නොහැකියි. මුත්‍රාවල සීනි තිබුණත් ඇතැම් විට රුධිරයේ සීනි නොතිඛෙන්නට පුළුවන්. මේ බව හඳුනා නොගතහොත් දරුවාට විවිධ ආකාරයේ සංකූලතා ඇතිවිය හැකියි. ඒ නිසා මේ කාලය තුළ දියවැඩියාව තිබේ යැයි හඳුනා ගතහොත් ආහාර පාලනය, ව්‍යයාම මෙන්ම ඖෂධද නිසිලෙස භාවිතා කිරිමට කටයුතු කළ යුතුයි.

අධික රුධිර පීඩනය ඇති කරන බලපෑම
මෙහිදීද විශේෂිත රෝග ලක්ෂණ හඳුනාගැනීම අපහසුයි. සාමාන්‍යයෙන් සති 2 කට වරක් රුධිර පීඩනය මැන බැලෙන අතර ප්‍රසව අවස්ථාව ආසන්න වෙත්ම එය සතියෙන් සතියට මැන බැලෙයි. මීට අමතරව දරුවාගේ වර්ධනය, නිරෝගී බවද පරීක්ෂා කරනු ලබන අතර අවම වශයෙන් පැයකට වතාවක්වත් දරුවා දඟලනවාදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.

දරුවාගේ දඟලීම අඩු නම් රෝහල් ගතවී නොපමාව මේ බව පරීක්ෂා කරගත යුතුයි. මෙහිදී යම් අවදානම් තත්ත්වයක් උදාවී තිබේනම් දරුවා සති 38 න් සීසර් සැත්කමක් මඟින් පිටතට ගනු ලබයි.

මේ අවස්ථාවන්ට අමතරව උල්බතරලය නොඑසේ නම් ඇමිනියෝටික් තරලය පිටතට කාන්දු වන අය මේ කාලයේදී අවධානයෙන් සිටිය යුතුයි. මෙහිදී ඇතිවන ප්‍රධාන සංකූලතා වනුයේ ප්‍රසවය ඉක්මන් වීම හා ආසාදන ඇති වීමයි. ඒ නිසා එවන් අවස්ථාවක කළ යුතු එකම කාර්යය වහාම රෝහල් ගත කිරීමයි.

- නුවන්ති කුලරත්න

මවුකුස තුළ දරුවන් ගබ්සාවට ලක්වන්නේ ඇයි?

මවුකුස තුළ දරුවන් ගබ්සාවට ලක්වන්නේ ඇයි?

බොහෝ කාන්තාවන් දරුවන් නොමැති කමින් පීඩා විඳිනවා හා සමානවම ඇතැමෙක් දරුවන් මරා දමන අවස්ථාද එමටයි. දරුවෙක් ගැබට පැමිණි පසු එය ආරක්ෂා කරනවා හා සමානවම එය නැතිකර ගැනීමටද ඇතැම් දෙනෙක් උත්සාහ කරයි.

එසේ නැත්නම් නොවැළැක්විය හැකි හේතු නිසාද දරු ගැබට ඇතැම්විට හානි ඇතිකර විය හැකියි. අතීතයේදී මෙය ගබ්සාව ලෙසින් හැඳින්වුවද වෛද්‍ය විද්‍යානුකූලව මේ සම්බන්ධයෙන් පවතින්නේ කුමන අදහසක්ද යන්න පිළිබඳ විමසා බලමු.

දරුවෙක් කුසෙන් ඉවත් වීම පිළිබඳ පැහැදිලි කළොත්?
මෙය අවස්ථා දෙකක් යටතේ පැහැදිලි කළ හැකියි. ඉන් පළමු අවස්ථාව ස්වභාවිකවම ඇතිවන යම් හේතුවක් නිසා කලලය අහිමි වී යාම හා නිරෝගී කලලයක් බලෙන් ඉවත් කිරීම එම කොටස් දෙකයි. මෙය ගබ්සා වීම හා ගබ්සා කිරීම ලෙසින්ද හැඳින්විය හැකියි. මෙහිදී ගබ්සා වීම ඵසිජ්රරස්ටැ ලෙසින්ද හැඳින්වේ.

පොදුවේ මෙම ගබ්සාව පිළිබඳ පැහැදිලි කරනවා නම් එය පහත ආකාරයි. එනම් ජීවත් කළ නොහැකි මට්ටමේ කලලයක් (නොමේරූ) එසේත් නැත්නම් සති 24ට අඩු කලලයක් ගර්භාෂයෙන් ඉවත් වී යාම හෝ ඉවත් කිරීම මේ නම් වේ. එම අවස්ථාවේදී කලලයේ බර 500ඨ පමණ වේ.

පළමු මාස 3දී ගබ්සා වීමට බලපාන හේතු?
මූලිකව කලලයේ ජානවල පවතින විකෘති ඊට බලපාන සුලබම හේතුවක්. ඊට අමතරව මවට වැළඬෙන දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේම ඇතැම් ආසාදන තත්ත්ව නිසාත් ළදරු කලලය ගබ්සා විය හැකියි.

දෙවන තෛ‍්‍රයි මාසිකයේ ගබ්සා වීමට බලපාන හේතු?
ගර්භාෂයේ අසාමාන්‍යතා, ගැබ්ගෙල විවෘතව පැවතීම ආදී හේතු මේ සඳහා බලපෑම් ඇති කරයි. මෙහිදී ගර්භාෂයේ ඇතිවන අසාමාන්‍යතා පිළිබඳ කතාබහ කරනවා නම් උපතින් මවගේ ශරීරයේ ගර්භාෂයේ හැඩයේ පවතින වෙනස්කම් නිසාද ගබ්සා වීම් සිදුවිය හැකියි.

කෙසේ වෙතත් මෙය ස්වභාවිකව ඇතිවන හේතු තුළින් සිදුවන ගබ්සාවීම් මුල් මාස තුනේදී සිදුවීම අතිශ්‍ය සාමාන්‍ය හා වැළැක්වීමට අපහසු තත්ත්ව වේ. නමුත් දෙවන තෛ‍්‍රයි මාසිකයේ සිදුවන ගබ්සාවීම් බොහෝ දුරට වැළැක්විය හැකියි. මේ සඳහා ශල්‍යකර්ම යොදා ගන්නා බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

ගබ්සා වීම් වලදී ඇතිවන සංකූලතා පිළිබඳ පැහැදිලි කළොත්

මූලික වශයෙන් අධික රුධිර වහනය, ගර්භාෂය ආශි‍්‍රත ආසාදන හා ඒවා කුස තුළට ව්‍යාප්ත වීම පවා සිදුවිය හැකියි.

ගබ්සාවීම්වල රෝග ලක්ෂණ පෙන්වන තවත් රෝග මොනවාද?
පැලෝපීය නාලය තුළ කලල ඇතිවීම නිසා, ගබ්සා වීම් ඇතිවන තත්ත්ව වලට සමාන ලක්ෂණ පහළ වේ. අර්තවය නතර වීම, රුධිර වහනය, වේදනාවන් ද සමඟ කලලයේ කොටස් මෙහිදී පිටවිය හැකියි. මෙය නල ගර්භය ලෙසින්ද හැඳින්වේ.

මෙසේ පැලෝපීය නාලය තුළ ඇතිවන ගැබ් ගැනීම් නිසා කලලය වර්ධනය වනවාත් සමඟම නාලය පුපුරා, එම රුධිරය මවගේ කුස තුළට වෑස්සීම පවා සිදුවිය හැකියි. මෙය ඉතා භයානක තත්ත්වයක්. ඊට අමතරව බුබුළු අර්බුදය ්‍ය ඵදකැ රෝගයේදීත් ඉහත ලක්ෂණ පෙන්විය හැකියි. මෙහිදී ළදරුවෙක් සෑදීම සඳහා පැමිණි සෛල කොටස් නිසා මෙම ගෙඩි ඇති වේ. නමුත් ළදරු කලලයටත් වඩා ඒවා වේගයෙන් වර්ධනය වන අතර පිළිකා අවදානමක් ද ඇති කරයි.

ගබ්සා සිදුවීම් ප්‍රධාන අවස්ථා මොනවාද?

තර්ජිත ගබ්සාව මෙහිදී රුධිරය පිටවීමක් සිදුවන අතර කලලයට බලපෑමක් ඇති නොවේ.

නිහඬ ගබ්සාව මෙහිදී දරුවා කුස තුළම මියගොස් පිටනොවී කුසේම සිටින අතර දරුවාගේ හෘදය ස්පන්දනය නොවේ. අසම්පූර්ණ ගබ්සාව  කලලයේ කොටස් අසම්පූර්ණව පිටවීම මේ නම් වේ.

සම්පූර්ණ ගබ්සාව මෙහිදී සම්පූර්ණයෙන් කලලය ගබ්සා වේ. ඉහත අවස්ථා 4න් දරුවා බේරා ගත හැකි වන්නේ පළමු අවස්ථාවේදී පමණි. එනම් තර්ජිත ගබ්සාවේදී පමණි.

මවට රුධිරය පිට වුණොත් බිය විය යුතුද?
මව විවේක ගැනීමෙන් පමණක් මෙවන් විටෙක සෑහීමකට පත්විය නොහැකියි. තත්ත්වය දරුණු වීමට පෙර හේතුව නිශ්්චිතව සොයා ගැනීම වැදගත්. ඒ නිසා ස්කෑන් පරීක්ෂාවක් කළ යුතුයි.

ගබ්සා කිරීම් (ඇබෝෂන්) ගැන කතා කළොත්?

නිරෝගී කලලයක් කෘත්‍රිමව බලෙන් ඉවත් කිරීම ගබ්සා කිරීම් නම් වේ. මේ සඳහා නීතිමය වශයෙන් අවසරයක් නොමැති අතර මවගේ ජීවිතය යම් අනතුරක තිබේ නම් පමණක් ඊට අවසර හිමි වේ. මෙසේ නීති්‍යානුකූලව ගබ්සා සිදු කළ හැක්කේ මවට හෘද රෝග තිබේ නම්, පිළිකාව සහ දරුණු මට්ටමේ මානසික රෝග (සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීම වැනි) තිබේ නම් පමණි.

Wednesday, June 18, 2014

ගැබිනි මවකට පැපොල වැළදුණොත් පැය 48ක් ඇතුළතදී ඖෂද ගත යුතුමය

ගැබිනි මවකට පැපොල වැළදුණොත් පැය 48ක් ඇතුළතදී ඖෂද ගත යුතුමය

ගර්භනී සමය කාන්තාවකගේ දිවියේ ඉතාම සුවිශේෂී අවධියක්. පවුලේ, සමාජයේ අවධානය ලබමින් ගෙවෙන අවධියක්. දෙදෙනකුගේ ජීවිත ගැන සැලකිල්ලෙන් ගෙවෙන අවධියක්. ඒ අවධියේ මවකගෙන් දරුවකුට යම් රෝගී තත්ත්වයක් සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ වැඩිබවත් අප තේරුම් ගත යුතුයි. 

ඒ අවධියේ වැළඳෙන සාමාන්‍ය රෝග තත්ත්වයක් පවා වඩා සංකීර්ණ තත්ත්ව කරා යන්නේ ගර්භනී සමයේ මවකගේ ප්‍රතිශක්තිය සාමාන්‍ය කාලවලට වඩා අඩු වන්නට පුළුවන් නිසයි. 

මෙවැනි අවස්ථාවකදී පැපොල (chiken pox) රෝග අවදානමකට මවකට මුහුණ දීමට සිදුවුවහොත් ඇති වන තත්ත්වයද වඩාත් සංකීර්ණ විය හැකියි. ඒ පිළිබඳ අද අදහස් දක්වන්නේ නාරි හා ප්‍රසවවේද විශේෂඥ වෛද්‍ය නන්දදේව සෙනෙවිරත්න මහතායි.

ගර්භනී සමයේ පැපොල ගැන අවධානයෙන් සිටිය යුත්තේ ඇයි?

  • ගර්භනී සමයේ පැපොල ඇතිවීම මවත්, දරුවාත් අවදානම් තත්ත්ව කරා රැගෙන යා හැකි අවස්ථාවක්. ඒ නිසා එය වළක්වාගත යුතු තත්ත්වයක් හැටියටයි සලකන්නෙ.
  • ඒ නිසා ගර්භනී තත්ත්වයට පත්වීමට සූදානමින් සිටින කාන්තාවක් තමාට කුඩා කාලයේ පැපොල සෑදී තිබෙනවාද නැද්ද යන්න දැන සිටීම හුඟක් වැදගත්. කෙනෙකුට ඒ පිළිබඳව තම දෙමවුපියන්ගෙන් දැනගත හැකියි.
නැතිනම් රුධිර පරීක්ෂාවකින් තහවුරු කරගතහැකියි. එසේ දැනුවත් වූ විට එක්කෝ පැපොල රෝගියකු ඇසුරෙන් රෝගය ශරීරගත කරවා ගත හැකියි. නැතිනම් පැපොල වැළැක්වීමට ඇති එන්නත ලබාගත හැකියි.
එහිදී පැපොල එන්නත විද්දායින් පසුව මාස තුනක් ගර්භනී වීම නුසුදුසුයි. එයට හේතුව එන්නත මගින් රෝගය පිට දැමීම වැළැක්වූවත් පැපොල වෛරස තවදුරටත් සිරුර තුළ රැඳී තිබෙන නිසයි.
රෝගය බෝ වන ක්‍රම මොනවාද?
කතා කිරීමේදී පිටවෙන කෙළ බිඳිති නිරෝගි පුද්ගලයකු ආඝ්‍රාණය කළොත්, රෝගියා අත ගෑ උපකරණ ඇල්ලුවොත්, රෝගියාව ස්පර්ෂ කිරීමෙන්, හෝ රෝගියකුට සාත්තු කිරීමේදී වෛරසය ශරීරයට ඇතුළු විය හැකියි.
එමගින් මතුවිය හැකි සංකූලතා මොනවාද?
  • එහි බලපෑම මවටත්, දරුවාටත් දෙදෙනාටම ඇතිවිය හැකියි. ගර්භනී සමයේ වෛරස් රෝගවලට මවගේ ප්‍රතිශක්තිය අඩුයි. ඒ නිසා පැපොල මගින් මවට නියුමෝනියාව සෑදෙන්නට හෝ අසාධ්‍ය තත්ත්වයක් කරා වුවත් යා හැකියි. එසේම හෙපටයිටීස් රෝගයට හෝ එන්සෙෆලයිටීස් (මොළයේ ආසාදන) වලට ගොදුරු විය හැකියි. ඒ අවස්ථාවේදී ඒවා අවදානම් තත්ත්ව වලට පවා යා හැකියි.
ගර්භනී සමයේ රෝග ලක්ෂණ මතු වුණොත් කුමක් කළ යුතු ද?
  • වහාම වෛද්‍යවරයකු හමු වී ඒ බව දැන්විය යුතුයි. ඒ අවස්ථාවේදී ලබා දෙන ඖෂධයක් තිබෙනවා. එය හඳුන්වන්නේ ඒසයික්ලොවා යන නමින්.
  • එයින් කරන්නේ රෝගය හැකිතාක් විනාශ කිරීම සහ අසාමාන්‍ය ලෙස පැතිරී යාම වැළැක්වීමයි.
එය ලබාගත යුතු වන්නේ කුමන අවස්ථාවකදීද?
  • බුබුළු මතු වී පළමු පැය 48 ඇතුළත ඖෂධය ලබා ගැනීම වැදගත්. ඒ අවස්ථාව මග හැරුණොත් සාර්ථක ප්‍රතිඵලයක් අත්වන්නේ නැහැ.
මේ තත්ත්වයේදී දරුවාට ඇතිවිය හැකි බලපෑම් මොනවාද?
  • එය තීරණය වන්නේ ගර්භනී කාල සීමාව අනුවයි. සති විස්සට නැතිනම් මාස 5 ට අඩු කාලයේදී මවට පැපොල වැළඳුණොත් දරුවාට බලපෑමක් ඇතිවන්නට පුළුවන්.
  • ඇස කුඩා වීම, ඇසේ ආසාදන ඇති වීම හෝ දරුවාට මතු කාලයේ පෙනීම නැතිවන්නට හෝ පුළුවන්. ඊට අමතරව ඇසේ සුද මතුවිය හැකියි.
  • සාමාන්‍ය දරුවකුට වඩා ඒ දරුවාගේ හිස කුඩා විය හැකියි. අක්මාව විශාල වීම හෝ අත් පා කොට විය හැකියි. කෙසේ වෙතත් එවැනි තත්ත්ව වලට යා හැකි අවස්ථා සීමිතයි. ඊට අමතරව සති 20 සිට සති 36 දක්වා කාලයේදී වැළඳුණොත් දරුවාට බලපෑමක් ඇතිවන්නේ නැහැ.
ගර්භනී සමයේ අවසන් මාසය අවදානම් සහිත වන්නේ ඇයි?
  • අන්තිම මාසය සහ දරුවා ප්‍රසූත කර පළමු සතිය ඇතුළත මවට පැපොල හැදුණොත් එහිදී දරුවාගේ ශරීරයට වෛරස ඇතුළු වෙනවා.
  • එය බැරෑරුම් වන්නේ අන්තිම මාසයේදී මවගෙන් දරුවාට ප්‍රතිදේහ ලබා ගන්නට ඉඩක් නැති නිසයි. ඒ අස්ථාවේදී දරුවාගේ මොළයට, හෘදයට බලපෑමක් ඇතිවිය හැකියි. එහිදීත් මවට ඒසයික්ලොවා ඖෂධය ලබා දී වෛරසය උදාසීන කරන්නට පියවර ගන්නවා.
  • එසේම දරු ප්‍රසූතිය ප්‍රමාද කරන්නට උත්සාහ දරනවා. එහි බලාපොරොත්තුව නම් ඒ කාල සීමාව ඇතුළත මවගෙන් දරුවාට ප්‍රතිදේහ ලබා ගැනීමට අවස්ථාව සැලසීමයි. ඊට අමතරව දරුවා ඉපදී දවස් දෙකකට පමණ පසු දරුවාට පැපොල වැළඳුණොත් , ඒ සඳහා ලබා දෙන තවත් එන්නතක් තිබෙනවා. එය ලබා දෙන්නේ දරුවාටයි. එය ප්‍රතිදේහ සහිත එන්නක්. දරුවාට අවශ්‍ය ප්‍රතිදේහ ලබා දීම එහි අරමුණයි.   
සමුද්‍රිකා වර්ණකුල

ගැබිනි මවුවරුන්ට Folic Acid අවශ්‍යමයි


ගැබිනි මවුවරුන්ට Folic Acid අවශ්‍යමයි

මවු පදවිය ලැබීම තරම් උත්තරීතර යමක් මෙලොව නැත. කාන්තාවකගේ ජීවිතයේ ලැබිය හැකි උතුම් ම තත්ත්වය මවක් වීම ය. විවාපත් යුවළකට මවු පියවරු වීම තරම් ජීවිතයේ ලැබිය හැකි වෙනත් තෘප්තිමත් අවස්ථාවක් නැති තරම් ය. ඒ නිසා ම ගර්භනියක් වූ මොහොතේ සිට දරු ගැබ ආරක්‍ෂා කර ගනිමින් නිරෝගීමත්ව සිටිය යුතු ය. නිරෝගී දරු උපතකට පෙර සූදානම් විය යුත්තේ කෙසේ ද? ගැබිනි සමයේදී බෙහෙත් වර්ග භාවිත කිරීම සුදුසු ද? මේ පිළිබඳ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය, සනත් ලැනරෝල් මහතා සමඟ කළ කතාබහකි මේ.
* දරු ගැබක් පිහිටියා කියලා ප්‍රථමයෙන් ම දැනගන්න ලැබෙන්නෙ කොහොමද?
ප්‍රසව හා නාරි වේද
විශේෂඥ වෛද්‍ය,
සනත් ලැනරෝල්
මවගේ ශරීරයේ ඇතිවන වෙනස්කම් මගින් මේ බව ප්‍රථමයෙන් ම දැනගන්න පුළුවන්. මූලික වශයෙන් ම මාස් ශුද්ධිය නිවැරැදි දිනට හැදෙන්නේ නැත්නම්, ඊට සුමානෙකට පමණ පස්සේ මුත්‍රා පරීක්‍ෂණයක් කරලා, තමා ගැබිනියක් බවට පත්වෙලා ද? නැද්ද? කියලා දැන ගන්න පුළුවන්.
ඒ වගේ ම ගර්භනියක් බවට පත් වුණාට පස්සෙ ඔක්කාර ගතිය, වමනෙ යාම, කරකැවිල්ල, කෑම අරුචිය, තෙහෙට්ටුව වගේ රෝග ලක්‍ෂණ පහළ වීමට පටන් ගන්නවා. මෙවැනි ලක්‍ෂණ මූලික වශයෙන් පවතී නම්, කාන්තාවක් ගර්භනී බවට පත්ව ඇති බව දැන ගන්න පුළුවන්.
* සමහර කාන්තාවන් මෙවැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නැතිවම ගර්භනී තත්ත්වයට පත්වෙනවා. ඒ වගේ අයට මේ බව දැන ගන්න පුළුවන් කොහොමද?
සමහර කාන්තාවන්ට මාස් ශුද්ධිය නතර වුණත්, ඔක්කාරය, වමනෙ යාම, කෑම අරුචිය, තෙහෙට්ටුව, කරකැවිල්ල වගේ රෝග ලක්‍ෂණ පහළ නොවී, දරු ගැබක් පිහිටවන්න පුළුවන්. එවන් අවස්ථාවකදී Ultra Sounds Scan  පරීක්‍ෂණයක් කිරීම මගින්, තමා ගැබිනියක් බවට පත්ව ඇත්දැයි නිශ්චිතව ම දැනගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ අනුව තමා ගැබිනියක්ව ඇත්දැයි දැනගැනීමට මුත්‍රා පරීක්‍ෂණය, ලේ පරීක්‍ෂණය සහ Ultra Sounds Scanපරීක්‍ෂණය උපයෝගී කර ගන්න පුළුවන්.
* ගර්භනියක් වූ විගසම වෛද්‍යවරුන් මුණගැසීමට යා යුතු ද? එසේ අවශ්‍ය නැත්නම් යා යුත්තේ ගැබිනියක් බවට පත් වී කුමන කාලයකට පසුවද?
තමන්ගෙ මාස් ශුද්ධිය නතර වුණා කියලා දැනගත්ත ගමන් ම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් මුණගැසීමට යාම ඉතාමත් ම වැදගත්. එසේ කිරීම මගින් විවිධ සංකූලතා හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. සමහර ගර්භ, ගර්භාෂයෙන් පිටත පිහිටනවා. මෙවැනි අවස්ථා මුලින් ම හඳුනාගෙන, නිසි ප්‍රතිකාර ලබාගන්න පුළුවන් වෙන්නෙ, මුල් කාලයේදී ම වෛද්‍යවරයෙක් මුණගැහුණොත් පමණයි.
සමහර මවුවරුන්ට එක එක ලෙඩ රෝග වැළඳී තිබෙන්න පුළුවන්. ඒත් තමන්ට එවැනි රෝගයක් පවතිනවා යැයි මේ අය දන්නෙ නෑ. මුල් කාලයේදී ම වෛද්‍යවරයෙක් හමුවට යාමෙන්, එවන් රෝග හඳුනා ගන්න පුළුවන්. ඒවාට වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර කිරීමෙන්, ඉදිරියේදී ඇතිවිය හැකි සංකූලතාවලින් මිදෙන්න පුළුවන්. දන්තාබාධ වැනි තත්ත්වයන් තිබේ නම් මුල් කාලයේදී ම ඒවාට ප්‍රතිකාර ගත යුතු වෙනවා.
මාස් ශුද්ධිය නතර වී පළමු සතිය ඇතුළත වෛද්‍යවරයෙක් මුණගැසීමෙන් පසු, නැවත මාස තුනක් ගතවීමෙන් අනතුරුව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා වෙත යාම සුදුසුයි.
* මාස තුනක් ගත වීමෙන් පසු මොන වගේ පරීක්‍ෂණ ද කරන්නෙ?
ලේ, මුත්‍රා පරීක්‍ෂණ අනිවාර්යයෙන් ම කෙරෙනවා. මීට අමතරව පියයුරු පරීක්‍ෂාව සහ කායික රෝග පරීක්‍ෂා කරනවා. මවගේ උස, බර ආදිය මැන ගන්නවා.
දියවැඩියාව, ඇදුම, අධි රුධිර පීඩනය, ආතරයිටීස් රෝගය සහ අපස්මාරය වැනි රෝගවලින් පෙළෙන මවක් නම්, දරුවෙක් පිළිසිඳ ගැනීමට මාස තුනකට කලින්, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීම ඉතාමත් ම වැදගත්

* ගර්භනී සමයේ මුල් කාල සීමාවේදී වමනය යාම වැඩි නම්, ගත යුතු බෙහෙත් වර්ග මොනවාද?
සාමාන්‍යයෙන් මේ කාලයේදී වමනෙ යන්නෙ, ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසයි. පළමු මාස තුනේදී ගර්භනී මවකට කිසි ම බෙහෙතක් ගැනීම සුදුසු නෑ. අසාමාන්‍ය විදිහට වමනෙ යනවා නම්, ඇයව රෝහල් ගතකරලා, සේලයින් ප්‍රතිකාරය ලබාදීම කළ යුතුයි. වමනෙ නැවැත්වීමට භාවිත කරන ඖෂධ පාවිච්චි කිරීමට වෛද්‍ය උපදෙස් ලැබුණොත් පමණක්, ඒවා භාවිත කිරීම කළ යුතුයි. එහෙත් එහෙම තත්ත්වයක් ඇතිවන්නෙ බොහොම කලාතුරකිනුයි.

* අධික ලෙස වමනය යාම නිසා විජලන තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවාද?
නොනවත්වාම වමනෙ ගියොත් විජලන තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒ සඳහා විවිධ හේතු බලපානවා. මුල් මාස තුන ගත්තොත්, ඒ කාලයේදී ඔක්කාරය, කෑම අරුචිය වගේ රෝග ලක්‍ෂණ ඇතිවන නිසා, මවක් බොන වතුර ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. වමනෙ යන්න ගත්තහම ශරීරයේ තිබෙන ඉතිරි වතුර ප්‍රමාණයත් පිටව යන නිසා විජලන තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තිබෙනවා.

* ගර්භනී සමයේ පළමු මාස තුන ඇතුළත කිසිම ඖෂධ වර්ගයක් භාවිත කරන්න හොඳ නෑ කිව්වත්, වෛද්‍යවරු ෆෝලික් අම්ලය Folic Acid භාවිතයට මඟ පෙන්වනවා.
ඖෂධ භාවිතය සුදුසු නෑ කිව්වත්, මවගේ ජීවිතය අවදානම් තත්ත්වයකට මුහුණපා තිබෙන අවස්ථාවකදී, රෝහල් වෛද්‍යවරු ඖෂධ භාවිතයට අවස්ථාව ලබා දෙනවා. බෙහෙත් පාවිච්චි කිරීම නිසා දරු ගැබ විනාශ වෙනවා නම්, වෛද්‍යවරු ඒ බව කළින්ම පවසනවා. එහිදී තමා ගත යුත්තේ කුමන තීන්දුවද යන්න මව තීරණය කළ යුතුයි.
එවැනි අවදානම් තත්ත්වයකදී හැර, බෙහෙත් භාවිතයට උපදෙස් දෙන්නෙ ෆෝලික් අම්ලය ලබාගැනීමට පමණයි. ෆෝලික් අම්ලය භාවිතයට පටන් ගන්න ඕනෙ, දරුවෙක් ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිටයි. තමා දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, ඒ දරුවා බලාපොරොත්තුවෙන් කටයුතු කරන මව, දරු පිළිසිඳ ගැනීමට මාස තුනකට පමණ පෙර සිට ෆෝලික් අම්ලය භාවිත කළ යුතුයි. ඒ වගේම දරුවා පිහිටලා පළමු මාස තුන වෙනකම් ෆෝලික් අම්ලය බොන්න ඕනෑ.
ෆෝලික් අම්ලය මගින් දරුවාගේ ස්නායු පද්ධතිය හා සම්බන්ධ විකෘතිතා, සංකූලතා අවම කරන්න පුළුවන්. වැඩෙන දරුවාගේ මොළය හා ස්නායු පද්ධතිය නිසි අයුරින් වර්ධනය වීම සඳහා මේ මගින් විශාල මෙහෙයක් සිදුවෙනවා. අපස්මාරයෙන් පෙළෙන අය මෙය විශේෂයෙන් ම භාවිත කළ යුතුයි. එයට හේතුව අපස්මාරය නිසා සිරුරේ ඇති ෆෝලික් අම්ලය අඩු වීමයි. එමනිසා ෆෝලික් අම්ලය භාවිතයට අපස්මාර රෝගීන් අනිවාර්යයෙන් ම ක්‍රියා කළ යුතුයි.
ෆෝලික් අම්ලය කියන්නෙ විටමින් බී පවුලට අයත්, ජලයේ දියවෙන විටමිනයක්. ෆෝලික් අම්ලය ස්වභාවිකව ඇති ආහාර ලෙස බාර්ලි බීජ, පලතුරු, කොළ පැහැති එළවළු, පරිප්පු, බෝංචි, දොඩම් යුෂ, නිවුඩු හාල් වැනි දේ දැක්විය හැකියි. ගර්භනී මවක් දිනකට ලබාගත යුතු ෆෝලික් අම්ල ප්‍රමාණය මයික්‍රො ග්‍රෑම් 400 ක් පමණ වෙනවා.

* ගර්භනී මවක් ගත යුතු විටමින් වර්ග සහ කැල්සියම් වර්ග මොනවාද? 
විටමින් A,B,C,D,E වැනි විටමින් වර්ග අධික ලෙස භාවිත කිරීම නිසා, කළලයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා ලබාගන්නවා නම් වෛද්‍ය උපදෙස් මත ලබා ගත යුතුයි. කැල්සියම් හා යකඩ, කෑමවලින් ලැබෙන්නෙ නැත්නම්, කැල්සියම් සහ යකඩ පෙති ගන්න වෙනවා. නීරක්තියෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙන අයට විටමින් සහ කැල්සියම් අවශ්‍යයි. මේවා වෛද්‍ය උපදෙස් මත භාවිතයට ගැනීම සිදුවිය යුතුයි.

ගර්භනී සමයේදී ලබා ගැනීමට අහිතකර ආහාර වර්ග මොනවාද?

ගර්භනී සමයේදී ලබා ගැනීමට අහිතකර ආහාර වර්ග මොනවාද?
 ඔබට ලැබීමට සිට්න කිරිකැට්යාට සුදුසුම දේ ලබාදීම ඔනෑම මවකගේ මූලික අරමුණයි. එබැවින් ගර්භනී බව දැනගත් විගසම ඔබ සෑම දෙයක් ගැනම විශේෂ අවධානයක් යොමු කරනු ඇත.            
මේ අතරින් සැම දෙනාගේම කතා බහට ලක් වන්නේ ගර්භනී මවට සුදුසු සහ නුසුදුසු ආහාර පිලිබඳවයි. මෙම ලිපිය මඟින් ගර්භනී ඔබට නුසුදුසු ආහාර පිලිබඳව සාකච්ඡා කෙරේ. මෙමඟින් දරුවාට සුදුසු සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.  

1.   රසදිය අධිකව පවතින මාලු වර්ග ඇතුලු මුහුදු ආහාර ආහාරයට නොගන්න.
  • මුහුදු ආහාර දරුවාගේ මොලයේ සහ ස්නායු පද්ධතියේ නිසි වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන, යකඩ සහ ඔමෙගා 3 වර්ගයේ මේද අම්ල බහුලව අඩංගු ආහාරයකි. 
  • ගර්භනී සමය තුල මාලු වර්ග ආහාරයට නොගැනීම නිසා දරුවාගේ කායික සහ මානසික වර්ධනය අඩාල විය හැකි බව සොයා ගෙන ඇත. 
  • එසේ වුවද ඇතැම් මුහුදු ආහාර වර්ග වල හානිකර මට්ටම්කින් රසදිය අඩංගුය. අධික ලෙස අසදිය ශරීරගත වීම නිසා දරුවාගේ ස්නායු පද්ධතියේ වර්ධනයට හානි විය හැක. 
  • විශාල සහ පරණ මාලු වර්ග වල රසදිය වැඩියෙන් අඩංගු බව හඳුනා ගෙන ඇත. තලපත්, මෝර මාලු, ලොකු කුම්බලාවන් ආදිය ගර්භනී සමය තුල ආහාරයට ගැනීම හැකිතාක් අඩු කරන්න. 
  • ඇතැම් මාලු වර්ග වල ඉතාම සුලු ප්‍රමාණ වලින් රසදිය අඩංගු බැවින් සාමාන්‍ය ප්‍රමාණයෙන් සතියකට 2-3 වරක් ආහාරයට ගැණීම හානිකර නොවන බව හඳුනාගෙන ඇත.  
  • මෙසේ පාලනයකින් යුක්තව ලබා ගත හැකි මාලු වර්ග කිහිපයක් නම් කූනිස්සන්, කෙවල්ලන්, සැමන්,අඟුලුවා, තෝර මාලු ආදියයි. 
2.  හොඳින් නොතැම්බූ මස් වර්ග , බිත්තර ආදිය ආහාරයට නොගන්න.
  • ගර්භනී කාලය තුල පරිවෘත්තියේ සහ රුධිර සංසරණයේ ඇථිවන වෙනස්කම් නිසා බැක්ටීරියා ආසාදන මඟින් ආහාර විෂවීමේ අවදානම වැඩිවේ.
  • එබැවින් සිරුරෙන් ආසාදනයට එරෙහිව ඇතිවන ක්‍රියාකාරීත්වය ගර්භනී නොවන කාලයට වඩා වැඩිවිය හැක. කලාතුරකින් දරුගැබද මෙමඟින් ආසාදනයට ලක්විය හැක. 
ආහාර විෂ වීම වැලැක්වීමට කල හැකි දේ
  • ආහාරයට ගැනීමට පෙර සියලුම මස් වර්ග සහ බිත්තර හොඳින් තම්බා ගත යුතුය. මෙම ආහාර කෑමට පෙර එහි ගන්ධය, පැහැය, සහ තරල ස්වභාවය හොඳින් නිරීක්ෂණය කරන්න. 
  • නිවසේදී පිලියෙල කරන මස් වර්ග හැර පිටතින් මෙවැනි ආහාර ගැණීමෙන් වැලකීම නුවණට හුරුය. 
  • බිත්තර ආහරයට ගන්නා විට එහි සුදු මදය සහ කහ මදය ඝනකම් වන තුරු තම්බා ගත යුතුය. අමු බිත්තර සැල්මොනෙල්ලා නම් බැක්ටීරියාව මඟින් අපිරිසිදු වී තිබිය හැක. එබැවින් බිත්තර අමුවෙන් හෝ බාගෙට තම්බා ආහාරයට ගැනීමෙන් වලකින්න. 
  • සොසේජස්, මීට් බෝල්ස් ආදී ආහාර ගැනීම හැකිතාක් අඩු කරන්න. 
  • ශීතකරණයේ වුවද වැඩිකල් තිබූ මාංශ ආහාර අනුභව කිරීමෙන් වලකින්න. විශේෂයෙන්ම පිසූ ආහාර ශීතකරණයේ දින දෙක තුනක් තබා ආහාරයට ගැනීම නුසුදුසුය. පිසින ලද ආහාර වල බැක්ටීරියා වර්ධනය වේගවත්ය. 
  • සැමන් වැනි ට්න් කල ආහාර ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. අනිවාර්යයෙන්ම කල් ඉකුත් වන දිනය පිලිබඳව සැලකිය යුතුය. එමෙන්ම ට්න් එක පිම්බී හෝ ඇහුලට එබී ඇත්නම් පාවිච්ච්යෙන් වලකින්න. 

දරු ඵල පමා වෙන්නේ ඇයි? I why I am not concieving?

දරු ඵල පමා වෙන්නේ ඇයි? I why I am not concieving?

විවාහ වූ පසු ඕනෑම නව යුවලක ඊළඟ පැතුම දරු සිඟිත්තෙකු ලැබීමයි. මෙලෙස ඇතිවෙන සිහිනය සැබෑවක් කර ගැනීමට ඇඟිලි ගැනීම විටෙක සහනයක් දක්වා වර්ධනය වේ. දෙමව්පිය නෑ හිතවතුන්ගෙන් ඇතිවන බලපෑම නිසා මේ පීඩනය තවත් වැඩි වේ.


සැබවින්ම යුවලකට දරුවන් ලැබීම පමා වන්නේ ඇයි? අප මෙය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ මඳ සැඋ බව කියායි. මේ සඳහා නිසි අර්ථ දැක්වීමක් සඳහන් කිරීමේදී කාන්තාවගේ වයස සැලකිල්ලට ගැනීම ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබයි. ඊට අමතරව කාන්තාවගේ තිබිය හැකි වෙනත් ගැටළුද සැලකිල්ලට ගනු ලබයි. එහිදී ඔසප් වීමේ ගැටළු, ලිංගික පද්ධතිය ආශ්‍රිත ගැටළුද සැලකිල්ලට ගනු ලබයි.  මේ ගැටළු වලින් තොරව ඇත්නම් වයස අවුරුදු තිස් පහට අඩු කාන්තාවකට වසරක් දක්වා බලාපොරොත්තු විය හැක. එහෙත් වයස අවුරුදු තිස් පහට වැඩි නම් මාස හයක දක්වා බලාපොරොත්තු වීමේ වරදක් නැත.
එහත් ඉහත වයස් වල සඳහන් කාල සීමාවන් ඉක්මවා යාමෙන් පසු හෝ කාන්තාවකට වෙනත් ගැටළු ඇත්නම් දරුවන් නොලැබීම පිලිබඳව නියමිත පර්යේෂණ ආරම්භ කිරීම සුදුසුය.

දරුවන් නොලැබීමට හේතූ

සාමාන්‍ය යුවලකගේ වුවද කිසිම හේතුවකින් තොරව, පළමු වසර තුලදී සියයට අසුවක් කාන්තාවන්ගේ ගැබ් ගැනීම සිදු වේ. එලෙස ඉතිරි වෙන සියයට විස්සෙන් භාගයක්, එනම් සියයට දහයක දෙවන වසරේදී ගැබ් ගනී. සාමාන්‍ය තතත්වයන් යටතේ ගැබ් ගැනීම සිදු නොවන්නේ සියයට දහයක පමණ සංඛ්‍යාවකි. මෙම ගැබ් නොගැනීමට සියයට හතළිහක් හේතු වන්නේ පිරිමියාගේ ගැටළුය. තවත් සියයට හතළිහක් හේතු වන්නේ කාන්තාවගේ ගැටලුය සියයට දහයක් පමණ කාන්තාව හා පිරිමියා යන දෙදෙනාගේ පොදු ගැටළු බලපායි. ඉතිරිවන සියයට දහයක් සඳහා හේතූ සොයා ගැනීමට අපහසු වේ.

පිරිමියාගේ හේතූ

පිරිමියාගේ ශුක්‍රානු වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක ඌනතාවන් මේ අතර මුල් තැන්ක ගනී. ඊට අමතරව පිරිමියාගේ ප්‍රාණවත් වීමේ ගැටළු, ශුක්‍රානු පහ වීමේ ගැටළු ඊළඟට දැකිය හැක. මෙහිදී විවිධ ආසාදන හා අවහිරතා ඇතිවීම මගන් ශුක්‍රානු පහවීමේ ගැටළු ඇති වීම ප්‍රධාන තැනක ගනී. එතරම් බහුල නොවුණත් විවිධ හෝමෝන ගැටළු නිසාද ශුක්‍රානු නිෂ්පාදනය අදාළ විය හැක.

කාන්තාවගේ හේතු

කාන්තාවට බලපෑ හැකි හේතු ඇති විශාල සංඛ්‍යාවක් ඇත. කාන්තාවගේ ලිංගික පද්ධතියේ කායික හා හෝමෝනමය වශයෙන් ඇති සංකීර්ණත්වය නිසා මෙතරම් ගැටළු රැසක්  අපට බොහෝ විට දකින්නට හැක. මව කුස සිටින බිලිඳු කලලයක ඩිම්බ  මිලියන අටක්  පමණ ඇත. උපතේදී මේ සංඛ්‍යාව මිලියන එකකට පමණ අඩු වේ. එහෙත් සාමාන්‍යයෙන් කාන්තාවකගේ ක්‍රියාත්මක වන කාල සීමාව පුරා ඩිම්බ හාරසීයක්‌ පමණ නිකුත් වේ. මෙලෙස ඩිම්බය නිකුත් වීමේ සිට ඩිම්බය ගර්භාෂයේ රෝපණය වීම දක්වා සම්පූර්ණ ක්‍රියාදාමයේ විවිධ ස්ථාන වල ගැටළු ඇති විය හැක.
මෙහිදී බහුලව දකින අවස්ථාවක් වනුයේ ඩිම්බ කෝෂ වල “මිදී පොකුරක්” මෙන් ගෙඩි සෑදී ඇති අවස්ථාවයි. එවිට ඩිම්බ මෝචනය බරපතල ලෙස ගැටළුකාරී වී ඇත. මෙවැනිම තවත් අවස්ථාවක් වනුයේ විවිධ හේතුන් නිසා පැලෝපීය නාල අවහිර වීමයි. එමෙන්ම ගර්භාෂයේ අසාමාන්‍යතා නිසාද ගැබ් ගැනීමට ගැටළු ඇති විය හැක. එසේම එන්ඩෝමෙට්‍රියෝසිස්‌ නම් වූ තත්වයේදී ද මෙවැනිම සංකීර්ණ ස්වභාවයක් හට ගනී. එහිදී පැලෝපීය නාල අවහිර වීම, ඩිම්බ මෝචනයේ ගැටළු මෙන්ම ලිංගික සම්බන්ධ වීමේදී ඇති වන වේදනාව වැනි ගැටළුද ඇති විය හැක.

පරීක්ෂණ සිදු කිරීම

ගැබ් ගැනීමේ ගැටළු වලදී සැමියා සහ බිරිඳ යන දෙදෙනාම පරීක්ෂාවට ලක් කල යුතුය. පළමුව සැමියාගේ ශුක්‍රාණු තරල වල පරීක්ෂණය සිදු කල යුතු අතර , දින තුනක් සම්බන්ධ වීම් වලින් තොරව සිට මෙය සිදු කිරීම අවශ්‍ය වේ. එහිදී සාමාන්‍යයෙන් එක මිලිලීටරයක ශුක්‍රාණු මිලියන පහළොවක් පමණ තිබිය යුතු අතර ඉන් සියයට හතළිහක් නිරෝගී ශුක්‍රාණු විය යුතුය.
කාන්තාවගේ පරීක්ෂාවන් සිදු කිරීමේදී හෝමෝන පරීක්ෂාව, බද ස්කෑන් කිරීම, ලැපරස්කොපි පරීක්ෂාව ආදී විවිධ පරීක්ෂණ රැසක් අවශ්‍යතාව මත සිදු කෙරේ. මීට අමතරව කාන්තාවට තිබිය හැකි දියවැඩියාව, මන්ද තයිරොයිඩතාව ආදී වෙනත් කායික රෝග පිළිබඳව සොයා බැලේ.

ප්‍රතිකාර කිරීම

පිරිමියාගේ ශුක්‍රාණු දුබලතාවක් බරපතල ලෙස ඇති විට එම ශුක්‍රාණු වැඩිපුර නිපදවා ගැනීම සඳහා ස්ථිර ප්‍රතිකාරයක් නොපවතී. එහෙත් කාන්තාවගේ ඩිම්බ මෝචනය ආශ්‍රිතව ගැටළු ඇති විට ඩිම්බ මෝචන උත්තේජක ප්‍රතිකාර භාවිතා කරනු ලබයි.
ශුක්‍රාණු තැන්පත් කිරීමේ ප්‍රතිකාරය අද කාලයේ බහුලව භාවිතා කරනු ලබයි. තිබෙන ගැටළුව අනුව මෙවැන්නක් සුදුසු නම්, රසායනාගාරයේදී හොඳ ශුක්‍රාණු තෝරාගෙන ඩිම්බ මෝචනය සිදු වන දිනයේදී එම ශුක්‍රාණු ගර්භාෂයේ තැන්පත් කරනු ලබයි.
මීට අමතරව, කෘතීම සංසේචනය තවත් එක් නවීන ක්‍රමවේදයකි. නල දරුවන් ලෙස හඳුන්වන්නේ මෙයයි. පරීක්ෂණාගාරයක් තුල අතිශය ඉහල තාක්ෂණික තත්වයන් යටතේ ශුක්‍රාණු හා ඩිම්බ සංසේචනය කරවා ඉන් ඇති වෙන එක් කලලයක් ගර්භාෂයේ තැන්පත් කිරීම මෙහිදී සිදුවේ. මේ ආකාරයට දරු ගැබක් ඇති කිරීම සඳහා එයට සුදුසු පසුබිම් සාධක සලකා බැලිය යුතුය. මෙහිදී මුලික තීරණය ගනු ලබන්නේ වෛද්‍යමය සාධක මතයි.
මේ ආකාරයට විවිධ සරල හා සංකීර්ණ ක්‍රියාදාමයන් රැසක් මන්ද සරු බව ආශ්‍රිතව පවතී. එමනිසා යම් යුවලකට මඳ සරු බවක් ඇත්නම් පළමුව ප්‍රසව හා නාරිවේදය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී තොරතුරු සාකච්ඡා කිරීම වඩාත් සුදුසුය.

විශේෂඥ වෛද්‍ය ප්‍රශාන්ත ගංගේ
පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රසව හා නාරිවේදය පිලිබඳ විශේෂඥ 

ගර්භනී කාලයේ අධික ඔක්කාරය සහ වමනය සැදීම | morning sicknes

ගර්භනී කාලයේ අධික ඔක්කාරය සහ වමනය සැදීම | morning sicknes


ගර්භනී කාලයේ අධික ඔක්කාරය සහ වමනය සැදීම ගර්භනී කාන්තාවන්ගෙන් තුනෙන් එකකට බලපාන බව පෙනී ගොස් ඇත. එසේ බලපාන කාන්තාවන්ගෙන් භාගයකට පමණ ඔක්කාරය සහ වමනය යන දෙකම සෑදෙන අතර ¼ කට සෑදෙන්නේ ඔක්කාරය පමණි. මෙම අපහසුතාවය සෑදෙන ඉතිරි කාන්තාවන්ට එම තත්වය බලපාන්නේ සුළු වශයෙන් පමණක් වන අතර එය ඉක්මනින් පහව යයි.
ඔක්කාරය හෝ වමනය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ගර්භනී සමයේ 6 වන සතිය පමණ වන විටය. නමුත් ඇතැම් විට එය 4 වන සතියේදී පවා ආරම්භ විය හැක. එසේම එම තත්වය ඊළඟ මාසය තුල ඇතැම් විට වැඩි විය හැක.
මෙසේ ඔක්කාරය හෝ වමනය සෑදෙන කාන්තාවන්ගෙන් භාගයක් පමණ ගර්භනී සමයේ 14 වන සතිය පමණ වන විට සම්පූර්ණයෙන් සුව වේ. ඉතිරි අයට එම තත්වය තවත් මාසයක් පමණ පැවතිය හැක. එසේම ඇතැමුන්ට මෙසේ පහව ගිය ඔක්කාරය/වමනය නැවත විටින් විට සැදීමට ඉඩ ඇත. ඉතා කලාතුරකින් ඇතැම් කාන්තාවන්ට මෙම තත්වය ගර්භනී සමය පුරාම පැවතිය හැක.
ඇතැම් කාන්තාවන්ට මෙම රෝග ලක්ෂණ මතු වන්නේ උදැසන කාලයේදී පමණකි. නමුත් බොහෝ කාන්තාවන්ට මෙම ලක්ෂණ දවසේ ඕනෑම වෙලාවක හෝ දවස පුරාම පැවතිය හැක. එසේම මෙම රෝග ලක්ෂණ කොපමණ තදින් පවතින්නේද යන්නත් එකිනෙකාට වෙනස් විය හැක.

මෙම රෝගී තත්වය ඇති වන්නේ ඇයි?

මෙම තත්වයට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන්ම හඳුනාගෙන නොමැත. නමුත් පහත දකවා ඇති හේතුන්ගෙන් එකක් හෝ කිහිපයක් බලපෑ හැකි බව කිව හැක.
·         එච් සී ජී (HCG) හෝමෝනය: මෙම හෝමෝනය ගර්භනී කාලයේ ඔබගේ සිරුර තුල විශාල වශයෙන් නිපදවේ. මෙම හෝමෝනය ඔක්කාරය හෝ වමනය ඇති කරන්නේ කෙසේදැයි කෙලින්ම කිව නොහැකි නමුත් මෙම හෝමෝනයේ බලපෑමක් ඇති බව විවිධ හේතු නිසා පැහැදිලි වේ. එනම් ඔක්කාරය/වමනය ආරම්හ වන කාලය සහ මෙම හෝමෝනය ඔබගේ සිරුරේ වැඩි වශයෙන් නිපදවෙන කාලය එකම වීම සහ මෙම හෝමෝනය වඩාත් වැඩිපුර නිපදවෙන අවස්ථා වන නිවුන් දරු ගර්භනී අවස්ථා වලදී මෙම රෝග ලක්ෂණ සැදීමේ වැඩි අවදානමක් තිබීම වේ.
·         ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝනය: මෙම හෝමෝනයද ගර්භනී සමයේදී සීඝ්‍ර ලෙස වැඩි වන හෝමෝනයකි. මෙම හෝමෝනයද රෝග ලක්ෂණ ඇති කිරීමට දායක වන බව හඳුනාගෙන තිබේ.
·         ගර්භනී සමයේ ගඳ/සුවඳ දැනීමේ හැකියාව වැඩි වීම සහ එම සුවඳ වලට ඇති සංවේදීතාවය වැඩි වීම: ගර්භනී සමයේ ඔබට ගඳ/සුවඳ දැනීමේ හැකියාව වැඩි වන බව සමහර විට ඔබත් ඇත දැක ඇති. මෙසේ වැඩිපුර ගඳ/සුවඳ දැනීම සහ එම ගඳ සුවඳ වලට සංවේදීත්වය වැඩි වීම නිසා ඇතැම් සුවඳ වල දැනුනු විට ඔක්කාරය/වමනය ඇති විය හැක. මෙසේ වීමට හේතුවක්ද මෙතෙක් නිශ්චිතව සොයා ගෙන නැත.
·         ඇතැම් කාන්තාවන්ගේ ආහාර මාර්ගය ගර්භනී කාලයේදී වඩාත් සංවේදී බවට පත්වේ. එසේම ඇතැම් විට ඔබට හෙලිකොබැක්ටර් පයිලෝරි (Helicobacter pylori) නමින් හඳුන්වන බැක්ටීරියාව නිසා ඇති වන ගැස්ට්‍රයිටිස් රෝග තත්වය තිබේ නම් එයද ඔක්කාරය/වමනය වැඩි වීමට හේතු වනවා ඇත.
එසේම මෙම ඔක්කාරය/වමනය ඇති වීමට මානසික හේතූන්ද බලපෑ හැකි බව ඇතැම් පර්යේෂකයින් පෙන්වා දී ඇති නමුත් මෙය තවමත් තහවුරු වී නොමැත.

ඇතැම් ගර්භනී කාතාවන්ට ඔක්කාරය/වමනය සැදීමේ වැඩි අවදානමක් තිබේද?


ඔබට පහත සඳහන් කාරණා වලින් එකක් හෝ අදාළ වේ නම් ඔබට ඔක්කාරය/ වමනය සීමේ වැඩි අවදානමක් ඇත,
·         ඔබට ගර්භනී වී ඇත්තේ නිවුන් දරුවන්ගෙන් හෝ ඊට වඩා වැඩි දරුවන් ගණනකින් නම්. මෙසේ වූ විට ඔබගේ ශරීරයේ ඉහතදී සඳහන් කල එච් සී ජී (HCG) හෝමෝනය සහ වෙනත් හෝමෝන අධික ලෙස නිපදවේ. එම නිසාම නිවුන් දරුවන් ලැබීමට සිටින මවුවරුන්ට ඔක්කාරය/වමනය සැදුනු විට එය අනිත් මවු වරුන්ට වඩා දරුණු වීමටද ඉඩ ඇත. නමුත් ඔක්කාරය/වමනය සෑදීම අනිවාර්යයෙන් සිදු නොවන අතර ඔබට ඇතැම් විට එය නොසෑදීමටත් ඉඩ ඇත.
·         ඔබට මීට කලින් ගර්භනී වී සිටි අවස්ථා වල ඔක්කාරය/වමනය සෑදුනා නම්.
·         ඔබට උපත් පාලන පෙති (ඔබ මීට කලින් එව භාවිතා කර ඇත්නම්) වලට ඔක්කාරය/වමනය සැදී තිබේ නම්.
·         ඔබට රථ වාහන වල ගමන යන විට සාමාන්‍යයෙන් ඔක්කාරය/වමනය සැදෙන්නේ නම්.
·         ඔබගේ මව,සහෝදරිය ඇතුළු ලඟම ලේ නෑයන්ට ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සෑදී ඇත්නම් ඔබට ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සෑදීමට ජානමය නැඹුරුතාවයක් තිබිය හැක.
·         ඔබට ඉරුවාරදය (migraine) නිසා ඔලුවේ කැක්කුම නිතර සෑදෙන්නේ නම්.
·         ඔබට ලැබෙන්නට සිටින්නේ ගැහැණු දරුවක් නම්.

මාගේ ඔක්කාරය/වමනය මට ලැබෙන්නට සිටින දරුවාටත් බලපායිද?

ගර්භනී සමයේ බොහෝ කාන්තාවන්ට සෑදෙන සුළු ඔක්කාරය/වමනය තත්වය ඔබගේ දරුවාට අහිතකර බලපෑමක් ඇති නොකරයි. සත්‍ය වශයෙන්ම ඔබගේ ගර්භනී සමයේ පළමු මාස තුන තුලදී බර වැඩි නොවුනද ඔබ අවශ්‍ය පරිදි දියර වර්ග පානයට ගනිමින් විජලනයෙන් වැළකී සිටින්නේ නම් හා අධික ලෙස නිරාහාරව නොසිටින්නේ නම් ඔබට ප්‍රශ්නයක් ඇති නොවනු ඇත. එසේ බොහෝ විට මෙම තත්වය ඉක්මනින් පහව ගොස් ඔබගේ ආහාර රුචිය ඉක්මනින් නැවත සාමාන්‍ය අතට හැරෙනු ඇත.
කෙසේ නමුත් ඔබට ඔක්කාරය/වමනය නිසා සාමාන්‍ය සමබර ආහාර වේලවල් ගැනීමට නොහැකි වේ නම් ඔබ මේ පිලිබඳ ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කල යුතුය.ඇතැම් විට ඔබගේ වෛද්‍යවරයා ඔබට අතිරේක විටමින් වර්ග ආදිය නිර්දේශ කරනු ඇත.
ඉතා දරුණු සහ කල පවතින වමනය නියමිත මාස ගණන සම්පූර්ණ වීමට කලින් දරුවා බිහි වීම, අඩු බර දරු උපත් සහ දරුවා උපදින විට නියමිත ප්‍රමාණයට වඩා කුඩා වීම ආදී සංකූලතා වලට හේතූ විය හැක. නමුත් පර්යේෂණ වලින් සොයා ගෙන ඇත්තේ ගර්භනී කාලය තුලදී අවම වශයෙන් කිලෝ 7ක වත් බර වැඩි වීමක් ලබා ගන්නා කාන්තාවන්ගේ දරුවන් මෙම සංකූලතා වලට ගොද්දුරු නොවන බවයි.

මට උදෑසන ඔක්කාරය/වමනය නොතිබීම මගේ දරුවා ගබ්සා වීමට යන බවට සාධකයක්ද?

එසේ නැත. ඇතැම් පර්යේෂණ වලින් ගබ්සා වීම් වලට ලක් වන කාන්තාවන්ට ඔක්කාරය/වමනය නොසෑදීමට වැඩි ඉඩක් ඇති බව සොයා ගෙන ඇති නමුත් ගර්භනී සමයේ ඔක්කාරය/වමනය නොසෑදී ඉතා සුරක්ෂිත ගර්භනී සමයක් ගත කරන කාන්තාවන් බොහොමයක් සිටී. ඔබ බොහෝ විට අයත් වීමට ඇත්තේ මෙම කාන්තාවන් ගොඩට බැවින් බිය නොවන්න.

ගර්භනී කාලයේ ඔක්කාරය සහ වමනයෙන් සහනයක් ලබා ගැනීමට මට කල හැක්කේ කුමක්ද?

ඔබට ඇත්තේ ඉතා සුළු ඔක්කාරය/වමනය තත්වයක් නම් සාපේක්ෂව සරල ක්‍රියාමාර්ග කිහිපයක් ඔබට සහනයක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් විය හැක. (එසේම මෙම ප්‍රතිකර්ම සාර්ථක නොවුවහොත් ඔබට වෛද්‍ය නිර්දේශ යටතේ ඖෂධ පාවිච්චි කල හැක.) මෙම ප්‍රතිකර්ම වලින් වැඩි ප්‍රමාණයක් පර්යේෂණ මගින් ඔප්පු කර නැති නමුත් ඔබොහෝ වෛද්‍යවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේවා නිර්දේශ කරන අතර, බොහෝ කාන්තාවන් මෙම ප්‍රතිකර්ම වල සාර්ථක භාවය සහතික කරති.
·         නිතරම ආහාර කුඩා ප්‍රමාන වලින් ආහාරයට ගැනීම මගින් ඔබගේ උදරය දගින් දිගටම හිස වීමෙන් වලක්වා තබා ගැනීම. සමහර කාන්තාවන්ට මේ සඳහා පිෂ්ඨය අධික ආහාර භාවිතා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගත හැක.
·         සරල කෙටි ආහාර වර්ගයක් (සැහැල්ලු බිස්කට් වර්ගයක් වැනි) ඔබගේ ඇඳ අසල භාජනයක තබා ගන්න. ඔබ උදයේ නැගිටීමට පෙර එම ආහාරයෙන් මඳක් ආහාරයට ගන්න. ඊට පසු මිනිත්තු 20-30ක් පමණ ඇන්දේ නිදා ගෙන සිට ඉන් පසු සෙමින් නැගිටින්න
 එසේම ඔබට රාත්‍රියේ යම් ඔක්කාරයක් දැනෙන්නේ නම්ද ඕම ආහාරයෙන් මඳක් ආහාරයට ගන්න.
විශේෂයෙන්ම ඇඳෙන් නැගිටින විට සෙමෙන් නැගිටීම සහ නැගිටින විට මඳක් ඇඳ මත වාඩි වී සිට නැගිටීම ඔබට ඔක්කාරය අඩු කිරීමට සෑහෙන පිටුබලයක් සපයනවා ඇත.
·         ඔබට ඔක්කාරය/වමනය ඇති කරවන ආහාර හෝ සුවඳ වලින් ඈත් වී සිටීමට උත්සාහ කරන්න. නමුත් ඔබට සියලුම ආහාර වලින් ඔක්කාරය ඇති වේ නම්, ඔබට යන්තම් හෝ දරා සිටීමට හැකි කෑම වර්ග වලින් හෝ යුත් ආහාර වේලක් ගැනීමට උත්සාහ කරන්න. ඔබ නිරාහාරව සිටීම නොකළ යුතුයි.
·         ඇතැම් විට වඩාත් රස අඩු ආහාර වර්ග ගැනීම මගින් ඔබගේ ඔක්කාරය/වමනය පාලනය කර ගැනීමට පිටුබලයක් ලැබෙනු ඇත. එසේම ආහාර රස්නය නිවුණු පසු ආහාරයට ගැනීමද ඔබට අත්හදා බැලිය හැක. එවිට සුවඳ දැනීම අඩු නිසා ඔක්කාරය/වමනය අවම වනු ඇත.
·         තෙල් සහිත ආහාර දිරවීමට වැඩි වෙලාවක් යන නිසා ඔක්කාරය/වමනය සෑදීමට වැඩි ඉඩක් ඇත. එමනිසා ඒවා ආහාරයට ගැනීම අඩු කරන්න. එසේම තෙම්පරාදු කල, අධික ලෙස මිරිස් සහිත හෝ ආම්ලික ආහාර ගනීමන්ද වලකින්න.
·         ආහාර වේල් අතරතුර දියර වර්ග විටින් විට පානය කරන්න. නමුත් එකවර විශාල ප්‍රමාන වලින් බීමට නොගන්න. එවිට ඔබගේ උදරය පිරී ආහාර ගැනීම තවත් අමාරු වේ.
·         ඔබට අධික ලෙස වමනය යන්නේ නම් වෛද්‍ය උපදෙස් මත ජීවනී පානය කරන්න.
·         ඇතැම් කානතාවන්ට සමහර සුවඳ වලට ඔක්කාරය/වමනය සෑදේ. ඔබත් මෙසේ වේ නම් සහ එසේ ඔබට ඔක්කාරය/වමනය සෑදෙන සුවඳ වර්ග ඔබ හඳුනා ගෙන ඇත්නම් හැකිතාක් එම සුවඳ වලින් ඈත් වී සිටීමට උත්සාහ කරන්න.
·         ඔක්කාරය/වමනය සෑදීම ඔබ වඩාත් වෙහෙසට/තෙහෙට්ටුවට පත වී සිටින විට වැඩි වේ. එම නිසා ඔබගේ වෙහෙස අඩු කර මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකම් වල නියැලීමට උත්සාහ කරන්න.
·         ඔබට ලැබෙන යකඩ පෙති මගින් වමනය වැඩි විය හැක. නමුත් මෙම තත්වය යකඩ පෙති රාත්‍රියට නිදා ගැනීමට මඳකට පෙර ගැනීමෙන් වලකා ගත හැක.
·         ඉඟුරු ඔක්කාරය/වමනය අඩු කරවන අගනා ස්වාභාවික ඔසුවකි. සැබෑවටම ඉඟුරු යොදා සෑදූ ජින්ජර් බියර්, ඉඟුරු යොදා සෑදූ තේ මේ සඳහා සුදුසුය.

ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සඳහා බෙහෙත් තිබේද

ඔබට ඉහත සඳහන් කර ක්‍රම වලින් සහනයක් ලබා ගැනීමට නොහැකි නම් හෝ ඔබට තදබල ලෙස ඔක්කාරය/වමනය තිබේ නම් ඔබගේ වෛද්‍යවරයා හමුවී බෙහෙත් ලබා ගත හැක.
බොහෝ විට ඔබට ඔක්කාරය/වමනය අඩු කරවන බෙහෙත් වලට අමතරව විටමින වර්ග (උදා: විටමින් B6 වැනි) ඔබගේ වෛද්‍යවරයා විසින් ලබා දෙනු ඇත. වමනය අඩු කිරීම සඳහා මෙම විටමිනයේ සාර්ථක භාවය පර්යේෂණ මගින් තහවුරු කර ඇත.
එසේම ඔබගේ සායන වෛද්‍යවරයාද ඔබගේ මෙම රෝගී තත්වය පිලිබඳ දැනුවත් කරන්න. එවිට ඔහුට ඔබ දැනට ගන්නා බෙහෙත් වර්ග වලට අවශ්‍ය නම් වෙනස් කම කල හැකි වේ.

මට ඉතාම තදබල ලෙස ඔක්කාරය/වමනය ඇත්නම් මම කල යුත්තේ කුමක්ද ?

ඔබට ඉතාම තදබල ලෙස වමනය යන්නේ නම්, වමනය පැය විසි හතරක් තුල නවතින්නේ නැති නම්, හෝ  ඔබට අධික ලෙස පිපාසය දැනෙන්න්නේ නම්, තොලකට වේලී ඇති නම් වමනය නිසා කිසිවක් පානය කිරීමට‍ නොහැකි නම් වහාම ඔබගේ වෛද්‍යවරයා හමු වන්න.
එසේම ඔබ‍ට ලේ වමනය යන්නේ නම් (මඳ වසයෙන් හෝ), බද රිදෙන්නේ නම් හෝ ඔබට ශරීරය තදබල ලෙස දුර්වල වී ඈති බවක් හැඟෙන්නේ නම් එවිටද ඔබ වෛද්‍යවරයා හමු වී මේ ගැන දැනුවත් කල යුතයි.
ගර්භනී කාන්තාවන්ගෙන් 1% ක් පමණ “හයිපර්-එමෙසිස් ග්‍රවිඩාරුම්” (hyperemesis gravidarum) නම් රෝගී තත්වයට ලක්වී සිටීමට ඉඩ ඇත. එම රෝගී තත්වයේ ලක්ෂණ වන්නේ ඉතාම තදබල ලෙස වමනය යාමයි. එම නිසා ඔබට තදබල ලෙස වමනය ඇත්නම් ඔබගේ වෛද්‍යවර හමු වීම වැදගත් වන්නේ මේ රෝගී තත්වයට වෛද්‍ය ප්‍රතිකාර අත්‍යාවශ්‍ය නිසාය.

ගැබිණි මවක් නොකළ යූතු දේ -දරු පැටියාටත් එය බලපානවා

ගැබිණි මවක් නොකළ යූතු දේ -දරු පැටියාටත් එය බලපානවා

ගැබිණි මවක් කළ යූතු දේ ගැන දෑනූමක් අපි ඔබට ලබා දුන්නා. වඩාත්ම වැදගත් වන්නේ සිත සතුටින් කාලය ගත කිරීමයි. ඒ වගේම අනවශ්‍ය ලෙස වෙහෙස නොවී විවේකයෙන් සිටීමත් වැදගත්. වෛද්‍ය උපදෙස් පිළිපදිමින් නියමිත සායනවලට සහභාගි වී පිරිසිදුව සිත සතුටින් ඉන්න. ඉතාම නිරෝගීි දරු පැටියෙක් ඔබටත් ලැබේවි. ගැබිණි මවක් නොකළ යූතු දේ මොනවා ද කියලා.

ගැබිණි මවක් නොකළ යූතු දේ

  • අධික ලෙස හඬා වැලපීම හෝ අඩ දබරවලින් දුකින් හා සිත් තැවූලින් හෝ කාලය ගත නොකරන්න.
  • තුනටිය තදවන ඇඳුම්, කලිසම් ආදිය නොඅඳින්න. උත්සව අවස්ථාවලදී දිගු වේලාවක් එවැනි ඇඳුම් ඇඳගෙන සිටීම අහිතකරය.
  • වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිදු ඖෂධ වර්ගයක්, හෝ විටමින් වර්ගයක් පාවිච්චි නොකළ යූතුය.
  • තමාට ඇතිවන සූළු සූළු ආබාධවලට වූවද, හිතුමතේට ඖෂධ, වේදනා නාශක වූව ලබා ගන්න එපා.
  • දුර ගමන් බිමන් යාමෙන් වළකින්න.
  • අධික වෙහෙස ඇතිවන ක්‍රියාවලින් වළකින්න.
  • ඇතැම් ගැබිණි මව්වරුන්ට තක්කාලි, අන්නාසි, දෙල්, අච්චාරු, චටිනි, බලමාළු, ඉස්සෝ, දෑල්ලෝ වැනි ආහාර අසාත්මික වේ. ශරීරයේ පලු දෑමීම, වෙව්ලීම, උණ, උදරයේ වේදනාව, වමනය, බඩ දැවිල්ල ආදී අපහසූතා එවැනි අයට ඇති වේ. එවැනි අය තමන්ට අසාත්මික ආහාර මේ කාලයේදී ගැනීමෙන් වළකින්න.
  • රාත්‍රි කාලයේදි ස්නානය කිරීමෙන් වළකින්න.
  • අධික ශීත අවස්ථාවලට හෝ අධික උෂ්ණ අවස්ථාවලට ලක් නොවී සිටින්න.
  • නිදි වැරීමෙන් වළකින්න.
  • මත්ද්‍රව්‍ය හා පෙති වර්ග භාවිතයෙන් ද දුම් පානයෙන්ද වළකින්න.
  • සෙනග අධික ලෙස තෙරපෙන උත්සව හා සංදර්ශනවලට යාමෙන් හැකි තරම් වළකින්න.
  • විරේක බෙහෙත් ගැනීම හෝ එක්ස් කිරණ ඡායාරූප ගැනීම වෛද්‍ය උපදෙස්වලින් තොරව නොකළ යූතුයි.
  • බයිසිකල් පැදීම, කඳු නැගීම, දිවීම, පිහිනීම, අධික ව්‍යායාම ගැනීම ආදිය නොකරන්න.
  • අඩි උස සපත්තු පැළඳීම නොකරන්න.
  • දැනටමත් මව්කිරි දෙන මවක් නැවත ගැබ්ගෙන ඇත්නම් ගැබට මාස තුනකින් පසූව, මව්කිරිදීම නතර කරන්න.
  • ළමයින් නැති කාන්තාවන්ගේ හා ළමයින් ලැබීම වධයක්, කරදරයක් යයි සිතා කල්පනා කරන කාන්තාවන්ගේ උපදෙස්, කතා බහ සමග සම්බන්ධ නොවන්න.
  • බිය ගෙන දෙන චිත්‍රපට , ත්‍රාසජනක නවකතා මරණ ගෙවල්, අද්භූත සිදුවීම් වැනි මනසට විඩාව ගෙන දෙන අවස්ථාවන්වලට සම්බන්ධ නොවන්න.

ගැබිණි මුල් කාලයේ ඇතිවන ගැටළු-පිළියම්

ගැබිණි මුල් කාලයේ ඇතිවන ගැටළු-පිළියම්

කාන්තාවක් ගර්භණී වූ දින පටන්ම  ප්‍රශ්න වැලක පැටලෙන්නීය. ඒ මන්ද යත් ඇය තුලින් විවිධ වූ ශරීරික මෙන්ම මානසික වෙනස්වීම්වලට මුහුණ දීමට සිදුවන බැවිණි.
එම නිසා ඒ ගැන ඔබට යම් දැනුමක් ලබා දීමට මම සිතුවෙමි.

මෙහිලා මුල්ම ප්‍රශ්නය ලෙස වෛද්‍යවරයෙක් හමු විය යුත්තේ කවදාද යන්න සලකා බලමු.
ඇත්තටම වෛද්‍යවරයා හමුවීම සති 6-12 කාලයේ කලාම ප්‍රමාණවත්. නමුත් තමා ගර්භණී බව දැනගත් විගස පවුල් සෞඛ්‍ය සේවිකාවට දැන්වීම අවශ්‍යය.
ඒ හා සමගම සායනයට සහභාගි වීමත් ඉතාම වැදගත්. එ මන්ද යත් එතනදි ඔබේ මූලික පරීක්ෂාවන් සියල්ලම පාහේ සිදු කරනා බැවිණි.

උදාහරණ ලෙස,
    * බර, උස, රුධිර පීඩනය මැනීම
    * පෝෂණ තත්වය තීරණය කිරීම
    * රුධිරයේ හිමෝග්ලොබින් ප්‍රමාණය සහ සීනි ප්‍රමණය මැනීම

වෛද්‍යවරයා හමුවීමෙන් දැනගත හැකි වැදගත් කරුණු මෙසේ දැක්විය හැකිය.
    * තමන්ට තිබෙන කාලීන රෝග ගැන තීරණ ගැනීම
    * ප්‍රතිකාර වෙනස් කිරීම් හෝ අලුත් එක් කිරීම් කිරීම
    * අනවශ්‍ය ඖෂධ ගැනීම් නැවැත්වීම
 

 ගැබිණි කාන්තාව මුහුණ දෙන ඊලග ප්‍රශ්ණය වන්නේ ශාරීරික වෙනස්වීම් වලින් ඇතිවන ඒවාය. එනම් වමනය, ඔක්කාරය, ක්ලන්තය, අහාර ආරුචිය පියයුරු පුපුරු ගැසීම වගේ දෙවල්. සාමාන්‍යයෙන් ගැබිණි කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක අයෙකුට ඔක්කාරය තියනවලු. එයිනුත් අඩකට පමණ වමනය ඇති වෙනවාලු. මේ වමනයට උදා වමනය කියල කියනවා. ඒ උනාට ඇතැම් විට මේක දවස පුරාම තියන දෙයක්. ගැබිනි කාන්තාවන් මේ වමනය අප්‍රිය කලාට ඒකෙ හොඳ පැත්තකුත් තියනවා. ඒ තමයි වමනෙ යන අම්මලාගේ බබා ගබ්සා වීමේ අවදානම අනික් අම්මලාට වඩා ගොඩාක් අඩුයි. ඒ වගේම ළදරු මරණ වීමේ ප්‍රවණතාවය සහ අංගවිකලතා ඇති වීමෙ හැකියවත් අඩුයිලු. උදා වමනය තියන අම්මලාට අඩු මාසෙන් බබාලා ලැබෙන්නෙත් නැහැ කියල තමයි වෛද්‍යවරු කියන්නේ. මේ ඔක්කෝම උදා වමනයේ යහපත් ප්‍රථිඵල. කොහොම වුනත් මුල් මාස 3න් පස්සේ මේ තත්වය මගහැරිල ගිහින් අම්මට කෑම කන්න පුලුවන් වීම නම් භාග්‍යයක්.
උදා වමනය තියන අයට මෙන්න පොඩි උපදෙස් කිහිපයක්.
    * කුරුඳු පොතු කෑල්ලක් හපන්න.
    * උදේ ඇඳෙන් නැගිටින්න කලින් ඇඳේ හාන්සිවෙලාම ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් කාලා උණු කිරි එකක් බොන්න ( ඔබේ මහත්තයට කියලා හදා ගන්න ).
    * දවස පුරාම ටික ටික කීප වාරයක් කෑම ගන්න.
    * කෑම හොදින් හපලා කන්න.
    * තෙල් සහ මේද අඩංගු කෑම පුළුවන් තරම් අඩු කරන්න.
    * අප්‍රිය ගතියක් දැනෙන වෙලාවට වෙරළු ගෙඩියක් , ලොවි ගෙඩියක් වගේ දෙයක් කටේ තබා ගන්න. එහෙමත් නැතිනම් ටොෆියක් සූප්පු කරන්න.
    * යෝගට් එකක් හරි කිරි ටිකක් හරි කන්න.
    * කෑම කෑවට පස්සෙ තරමක් උණුසුමට ඉඟුරු දාලා තේ එකක් බොන්න.

මීට අමතරව ඔබට පපුවේ දැවිල්ලක් ඇති වන්නට පිළිවන. මෙය සිදුවන්නේ ගර්භාශය විශාල වීම සමග ආමාශය උරස් කුහරය දෙසට තල්ලු වීම නිසා යම් යම් ආම්ලික යුෂ ගල නාලය දිගේ ඉහලට ඒම නිසාය. මෙවන් අවස්ථාවකදී එළකිරි මනරම් පිළියමක් ලෙස සැලකේ. තවද උරහිස එසවෙන පරිදි මිනිත්තු කිහිපයක් නිදා ගැනීමද ඉතා යහපත්ය. ආම්ලික ආහාරවලින් වැළකී සිටීමද අගනේය.

මේ දෙවල් වලින් යම්කිසි සහනයක් ලබා ගන්න පුලුවන් වේවි. ඔන්න ඔය දේවල් තමයි අම්මා කෙනෙක් වෙන්න යන ඔයාට මුලින්ම ඇති වෙන ගැටලු සහ ඒවාට පිළියම්.