Wednesday, June 18, 2014

ගැබිණි මවක් නොකළ යූතු දේ -දරු පැටියාටත් එය බලපානවා

ගැබිණි මවක් නොකළ යූතු දේ -දරු පැටියාටත් එය බලපානවා

ගැබිණි මවක් කළ යූතු දේ ගැන දෑනූමක් අපි ඔබට ලබා දුන්නා. වඩාත්ම වැදගත් වන්නේ සිත සතුටින් කාලය ගත කිරීමයි. ඒ වගේම අනවශ්‍ය ලෙස වෙහෙස නොවී විවේකයෙන් සිටීමත් වැදගත්. වෛද්‍ය උපදෙස් පිළිපදිමින් නියමිත සායනවලට සහභාගි වී පිරිසිදුව සිත සතුටින් ඉන්න. ඉතාම නිරෝගීි දරු පැටියෙක් ඔබටත් ලැබේවි. ගැබිණි මවක් නොකළ යූතු දේ මොනවා ද කියලා.

ගැබිණි මවක් නොකළ යූතු දේ

  • අධික ලෙස හඬා වැලපීම හෝ අඩ දබරවලින් දුකින් හා සිත් තැවූලින් හෝ කාලය ගත නොකරන්න.
  • තුනටිය තදවන ඇඳුම්, කලිසම් ආදිය නොඅඳින්න. උත්සව අවස්ථාවලදී දිගු වේලාවක් එවැනි ඇඳුම් ඇඳගෙන සිටීම අහිතකරය.
  • වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිදු ඖෂධ වර්ගයක්, හෝ විටමින් වර්ගයක් පාවිච්චි නොකළ යූතුය.
  • තමාට ඇතිවන සූළු සූළු ආබාධවලට වූවද, හිතුමතේට ඖෂධ, වේදනා නාශක වූව ලබා ගන්න එපා.
  • දුර ගමන් බිමන් යාමෙන් වළකින්න.
  • අධික වෙහෙස ඇතිවන ක්‍රියාවලින් වළකින්න.
  • ඇතැම් ගැබිණි මව්වරුන්ට තක්කාලි, අන්නාසි, දෙල්, අච්චාරු, චටිනි, බලමාළු, ඉස්සෝ, දෑල්ලෝ වැනි ආහාර අසාත්මික වේ. ශරීරයේ පලු දෑමීම, වෙව්ලීම, උණ, උදරයේ වේදනාව, වමනය, බඩ දැවිල්ල ආදී අපහසූතා එවැනි අයට ඇති වේ. එවැනි අය තමන්ට අසාත්මික ආහාර මේ කාලයේදී ගැනීමෙන් වළකින්න.
  • රාත්‍රි කාලයේදි ස්නානය කිරීමෙන් වළකින්න.
  • අධික ශීත අවස්ථාවලට හෝ අධික උෂ්ණ අවස්ථාවලට ලක් නොවී සිටින්න.
  • නිදි වැරීමෙන් වළකින්න.
  • මත්ද්‍රව්‍ය හා පෙති වර්ග භාවිතයෙන් ද දුම් පානයෙන්ද වළකින්න.
  • සෙනග අධික ලෙස තෙරපෙන උත්සව හා සංදර්ශනවලට යාමෙන් හැකි තරම් වළකින්න.
  • විරේක බෙහෙත් ගැනීම හෝ එක්ස් කිරණ ඡායාරූප ගැනීම වෛද්‍ය උපදෙස්වලින් තොරව නොකළ යූතුයි.
  • බයිසිකල් පැදීම, කඳු නැගීම, දිවීම, පිහිනීම, අධික ව්‍යායාම ගැනීම ආදිය නොකරන්න.
  • අඩි උස සපත්තු පැළඳීම නොකරන්න.
  • දැනටමත් මව්කිරි දෙන මවක් නැවත ගැබ්ගෙන ඇත්නම් ගැබට මාස තුනකින් පසූව, මව්කිරිදීම නතර කරන්න.
  • ළමයින් නැති කාන්තාවන්ගේ හා ළමයින් ලැබීම වධයක්, කරදරයක් යයි සිතා කල්පනා කරන කාන්තාවන්ගේ උපදෙස්, කතා බහ සමග සම්බන්ධ නොවන්න.
  • බිය ගෙන දෙන චිත්‍රපට , ත්‍රාසජනක නවකතා මරණ ගෙවල්, අද්භූත සිදුවීම් වැනි මනසට විඩාව ගෙන දෙන අවස්ථාවන්වලට සම්බන්ධ නොවන්න.

No comments:

Post a Comment