Wednesday, June 18, 2014

ගර්භනී සමයේදී ලබා ගැනීමට අහිතකර ආහාර වර්ග මොනවාද?

ගර්භනී සමයේදී ලබා ගැනීමට අහිතකර ආහාර වර්ග මොනවාද?
 ඔබට ලැබීමට සිට්න කිරිකැට්යාට සුදුසුම දේ ලබාදීම ඔනෑම මවකගේ මූලික අරමුණයි. එබැවින් ගර්භනී බව දැනගත් විගසම ඔබ සෑම දෙයක් ගැනම විශේෂ අවධානයක් යොමු කරනු ඇත.            
මේ අතරින් සැම දෙනාගේම කතා බහට ලක් වන්නේ ගර්භනී මවට සුදුසු සහ නුසුදුසු ආහාර පිලිබඳවයි. මෙම ලිපිය මඟින් ගර්භනී ඔබට නුසුදුසු ආහාර පිලිබඳව සාකච්ඡා කෙරේ. මෙමඟින් දරුවාට සුදුසු සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.  

1.   රසදිය අධිකව පවතින මාලු වර්ග ඇතුලු මුහුදු ආහාර ආහාරයට නොගන්න.
  • මුහුදු ආහාර දරුවාගේ මොලයේ සහ ස්නායු පද්ධතියේ නිසි වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන, යකඩ සහ ඔමෙගා 3 වර්ගයේ මේද අම්ල බහුලව අඩංගු ආහාරයකි. 
  • ගර්භනී සමය තුල මාලු වර්ග ආහාරයට නොගැනීම නිසා දරුවාගේ කායික සහ මානසික වර්ධනය අඩාල විය හැකි බව සොයා ගෙන ඇත. 
  • එසේ වුවද ඇතැම් මුහුදු ආහාර වර්ග වල හානිකර මට්ටම්කින් රසදිය අඩංගුය. අධික ලෙස අසදිය ශරීරගත වීම නිසා දරුවාගේ ස්නායු පද්ධතියේ වර්ධනයට හානි විය හැක. 
  • විශාල සහ පරණ මාලු වර්ග වල රසදිය වැඩියෙන් අඩංගු බව හඳුනා ගෙන ඇත. තලපත්, මෝර මාලු, ලොකු කුම්බලාවන් ආදිය ගර්භනී සමය තුල ආහාරයට ගැනීම හැකිතාක් අඩු කරන්න. 
  • ඇතැම් මාලු වර්ග වල ඉතාම සුලු ප්‍රමාණ වලින් රසදිය අඩංගු බැවින් සාමාන්‍ය ප්‍රමාණයෙන් සතියකට 2-3 වරක් ආහාරයට ගැණීම හානිකර නොවන බව හඳුනාගෙන ඇත.  
  • මෙසේ පාලනයකින් යුක්තව ලබා ගත හැකි මාලු වර්ග කිහිපයක් නම් කූනිස්සන්, කෙවල්ලන්, සැමන්,අඟුලුවා, තෝර මාලු ආදියයි. 
2.  හොඳින් නොතැම්බූ මස් වර්ග , බිත්තර ආදිය ආහාරයට නොගන්න.
  • ගර්භනී කාලය තුල පරිවෘත්තියේ සහ රුධිර සංසරණයේ ඇථිවන වෙනස්කම් නිසා බැක්ටීරියා ආසාදන මඟින් ආහාර විෂවීමේ අවදානම වැඩිවේ.
  • එබැවින් සිරුරෙන් ආසාදනයට එරෙහිව ඇතිවන ක්‍රියාකාරීත්වය ගර්භනී නොවන කාලයට වඩා වැඩිවිය හැක. කලාතුරකින් දරුගැබද මෙමඟින් ආසාදනයට ලක්විය හැක. 
ආහාර විෂ වීම වැලැක්වීමට කල හැකි දේ
  • ආහාරයට ගැනීමට පෙර සියලුම මස් වර්ග සහ බිත්තර හොඳින් තම්බා ගත යුතුය. මෙම ආහාර කෑමට පෙර එහි ගන්ධය, පැහැය, සහ තරල ස්වභාවය හොඳින් නිරීක්ෂණය කරන්න. 
  • නිවසේදී පිලියෙල කරන මස් වර්ග හැර පිටතින් මෙවැනි ආහාර ගැණීමෙන් වැලකීම නුවණට හුරුය. 
  • බිත්තර ආහරයට ගන්නා විට එහි සුදු මදය සහ කහ මදය ඝනකම් වන තුරු තම්බා ගත යුතුය. අමු බිත්තර සැල්මොනෙල්ලා නම් බැක්ටීරියාව මඟින් අපිරිසිදු වී තිබිය හැක. එබැවින් බිත්තර අමුවෙන් හෝ බාගෙට තම්බා ආහාරයට ගැනීමෙන් වලකින්න. 
  • සොසේජස්, මීට් බෝල්ස් ආදී ආහාර ගැනීම හැකිතාක් අඩු කරන්න. 
  • ශීතකරණයේ වුවද වැඩිකල් තිබූ මාංශ ආහාර අනුභව කිරීමෙන් වලකින්න. විශේෂයෙන්ම පිසූ ආහාර ශීතකරණයේ දින දෙක තුනක් තබා ආහාරයට ගැනීම නුසුදුසුය. පිසින ලද ආහාර වල බැක්ටීරියා වර්ධනය වේගවත්ය. 
  • සැමන් වැනි ට්න් කල ආහාර ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. අනිවාර්යයෙන්ම කල් ඉකුත් වන දිනය පිලිබඳව සැලකිය යුතුය. එමෙන්ම ට්න් එක පිම්බී හෝ ඇහුලට එබී ඇත්නම් පාවිච්ච්යෙන් වලකින්න. 

1 comment:

  1. I recently came across your blog and have been reading along. I thought I would leave my first comment. I don’t know what to say except that I have enjoyed reading. Nice blog, I will keep visiting this blog very often. drug rehab for pregnant mothers

    ReplyDelete