Tuesday, June 24, 2014

අවසන් මාස තුනේදී දියවැඩියාව, අධි රුධිර පීඩනයෙන් ප්‍රවේසම්වන්න

අවසන් මාස තුනේදී දියවැඩියාව, අධි රුධිර පීඩනයෙන් ප්‍රවේසම්වන්න

සාමාන්‍ය ජීවිතයක් ගෙවන කාන්තාවකට වඩා ඇය ගැබිනියක් බවට පත් වූ විට ගෙවෙන සෑම තත්ත්පරයක්ම ඉතා වැදගත්. ඒ හේතුව නිසාම මේ කාලසීමාව තුළ ශරීරයේ දක්නට ලැඛෙන සුළු හෝ වෙනසකට දැඩි අවධානයක් ලබා දිය යුත්තේ එය ඉදිරියේදී බරපතළ රෝග අවස්ථාවක් දක්වා වර්ධනය විය හැකි නිසාවෙනි. කෙසේ වෙතත් ප්‍රසූතියට ආසන්න වන කාලසීමාව විශේෂයෙන් අවසන් මාස 03ක කාලය පිළිබඳ හොඳ සැලකිල්ලෙන් ගත කළ යුතුයි. මෙහි පවතින වැදගත්කම නිසාම ඒ පිළිබඳව ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමි” පෙරේරා මහතාගෙන් විමසා බලමු.

ගර්භ” අවධිය කාලය අනුව වර්ග වෙනවාද?
ඇත්තෙන්ම ගර්භ” කාලය ප්‍රධාන වශයෙන් මාස 3 බැගින් කොටස් 3 කට වර්ග වේ. එහිදී මුල් මාස තුන පළමු තෛ‍්‍රමාසිකය නම් වන අතර මේ කාලයේදී ගබ්සා වීම්, වමනය නිතර යාම ආදී ප්‍රශ්න ඇතිවිය හැකියි. මැද මාස 3 දී බරපතළ මට්ටමේ ගැටලුවලට මුහුණ දීමට සිදු නොවේ.

අවසන් මාස 3 ක කාලය අවසන් තෛ‍්‍රමාසිකය ලෙසින් නම් වන අතර එහිදී මුහුණ දීමට සිදු වන ගැටලු තරමක් බරපතළ බවින් වැඩිවේ.

අවසන් තෛ‍්‍රමාසිකයේ ඇතිවන ගැටලු මොනවාද?
මෙම අවසන් තෛ‍්‍රමාසිකය තුළ තරමක් බරපතළ මට්ටමේ ගැටලු ඇතිවිය හැකියි. ඒ අතර අධික රුධිර පීඩනය, දියවැඩියාව දරුවා කුස තුළ අසාමාන්‍යව පිහිටීම ( තට්ටමින් පිහිටීම, හරහට පිහිටීම) , දරුවාගේ ඌන වර්ධනය (ෂඹඨඍ), දරුවාගේ වර්ධනය අඩුවීම (ත‍ඨඍ) හෝ වර්ධනය වැඩිවීම මේ අතර ප්‍රධාන වශයෙන් දැකගත හැකි ගැටලු සහගත තත්ත්වයන්ය.

සාමාන්‍යයෙන් සති 34ක් පමණ වනවිට දරුවාගේ වැරදි පිහිටීම දැකගත හැකියි. මෙම කාලය සති 37 ක දරුවෙකුගේ ප්‍රාග් පරිණත අවධිය ලෙස සලකයි. සති 40 -42 ත් අතර කාලය පරිණත අවධිය ලෙසින්ද 42න් පසුව පශ්චාත් පරිණත අවධිය ලෙසින්ද හැඳින්වේ.

දියවැඩියාව පිළිබඳව මේ කාලයේදී අවධානයක් දිය යුතුද?

සාමාන්‍යයෙන් ගර්භ” මවක් සති 28 දී පරීක්ෂාවක් සිදු කළ යුතුයි. මෙය ග්ලූකෝස් ලබාදීම මඟින් සිදු කෙරෙන අතර මෙය ගර්භ” කාන්තාවන්ට අනිවාර්ය පරීක්ෂණයකි. ඒ වගේම දියවැඩියා වැළඳීමේ අවදානම වැඩි අයට පළමු මාස 3,4දීත් පරීක්ෂාකර බැලිය යුතුයි.

තවද මෙහි පූර්ව රෝග ලක්ෂණ නොමැති අතර මුත්‍රා පරීක්ෂා කිරීමෙන් පමණක් දියවැඩියාව තිබේදැයි හඳුනාගත නොහැකියි. මුත්‍රාවල සීනි තිබුණත් ඇතැම් විට රුධිරයේ සීනි නොතිඛෙන්නට පුළුවන්. මේ බව හඳුනා නොගතහොත් දරුවාට විවිධ ආකාරයේ සංකූලතා ඇතිවිය හැකියි. ඒ නිසා මේ කාලය තුළ දියවැඩියාව තිබේ යැයි හඳුනා ගතහොත් ආහාර පාලනය, ව්‍යයාම මෙන්ම ඖෂධද නිසිලෙස භාවිතා කිරිමට කටයුතු කළ යුතුයි.

අධික රුධිර පීඩනය ඇති කරන බලපෑම
මෙහිදීද විශේෂිත රෝග ලක්ෂණ හඳුනාගැනීම අපහසුයි. සාමාන්‍යයෙන් සති 2 කට වරක් රුධිර පීඩනය මැන බැලෙන අතර ප්‍රසව අවස්ථාව ආසන්න වෙත්ම එය සතියෙන් සතියට මැන බැලෙයි. මීට අමතරව දරුවාගේ වර්ධනය, නිරෝගී බවද පරීක්ෂා කරනු ලබන අතර අවම වශයෙන් පැයකට වතාවක්වත් දරුවා දඟලනවාදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.

දරුවාගේ දඟලීම අඩු නම් රෝහල් ගතවී නොපමාව මේ බව පරීක්ෂා කරගත යුතුයි. මෙහිදී යම් අවදානම් තත්ත්වයක් උදාවී තිබේනම් දරුවා සති 38 න් සීසර් සැත්කමක් මඟින් පිටතට ගනු ලබයි.

මේ අවස්ථාවන්ට අමතරව උල්බතරලය නොඑසේ නම් ඇමිනියෝටික් තරලය පිටතට කාන්දු වන අය මේ කාලයේදී අවධානයෙන් සිටිය යුතුයි. මෙහිදී ඇතිවන ප්‍රධාන සංකූලතා වනුයේ ප්‍රසවය ඉක්මන් වීම හා ආසාදන ඇති වීමයි. ඒ නිසා එවන් අවස්ථාවක කළ යුතු එකම කාර්යය වහාම රෝහල් ගත කිරීමයි.

- නුවන්ති කුලරත්න

No comments:

Post a Comment