Tuesday, June 24, 2014

මවුකුස තුළ දරුවන් ගබ්සාවට ලක්වන්නේ ඇයි?

මවුකුස තුළ දරුවන් ගබ්සාවට ලක්වන්නේ ඇයි?

බොහෝ කාන්තාවන් දරුවන් නොමැති කමින් පීඩා විඳිනවා හා සමානවම ඇතැමෙක් දරුවන් මරා දමන අවස්ථාද එමටයි. දරුවෙක් ගැබට පැමිණි පසු එය ආරක්ෂා කරනවා හා සමානවම එය නැතිකර ගැනීමටද ඇතැම් දෙනෙක් උත්සාහ කරයි.

එසේ නැත්නම් නොවැළැක්විය හැකි හේතු නිසාද දරු ගැබට ඇතැම්විට හානි ඇතිකර විය හැකියි. අතීතයේදී මෙය ගබ්සාව ලෙසින් හැඳින්වුවද වෛද්‍ය විද්‍යානුකූලව මේ සම්බන්ධයෙන් පවතින්නේ කුමන අදහසක්ද යන්න පිළිබඳ විමසා බලමු.

දරුවෙක් කුසෙන් ඉවත් වීම පිළිබඳ පැහැදිලි කළොත්?
මෙය අවස්ථා දෙකක් යටතේ පැහැදිලි කළ හැකියි. ඉන් පළමු අවස්ථාව ස්වභාවිකවම ඇතිවන යම් හේතුවක් නිසා කලලය අහිමි වී යාම හා නිරෝගී කලලයක් බලෙන් ඉවත් කිරීම එම කොටස් දෙකයි. මෙය ගබ්සා වීම හා ගබ්සා කිරීම ලෙසින්ද හැඳින්විය හැකියි. මෙහිදී ගබ්සා වීම ඵසිජ්රරස්ටැ ලෙසින්ද හැඳින්වේ.

පොදුවේ මෙම ගබ්සාව පිළිබඳ පැහැදිලි කරනවා නම් එය පහත ආකාරයි. එනම් ජීවත් කළ නොහැකි මට්ටමේ කලලයක් (නොමේරූ) එසේත් නැත්නම් සති 24ට අඩු කලලයක් ගර්භාෂයෙන් ඉවත් වී යාම හෝ ඉවත් කිරීම මේ නම් වේ. එම අවස්ථාවේදී කලලයේ බර 500ඨ පමණ වේ.

පළමු මාස 3දී ගබ්සා වීමට බලපාන හේතු?
මූලිකව කලලයේ ජානවල පවතින විකෘති ඊට බලපාන සුලබම හේතුවක්. ඊට අමතරව මවට වැළඬෙන දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේම ඇතැම් ආසාදන තත්ත්ව නිසාත් ළදරු කලලය ගබ්සා විය හැකියි.

දෙවන තෛ‍්‍රයි මාසිකයේ ගබ්සා වීමට බලපාන හේතු?
ගර්භාෂයේ අසාමාන්‍යතා, ගැබ්ගෙල විවෘතව පැවතීම ආදී හේතු මේ සඳහා බලපෑම් ඇති කරයි. මෙහිදී ගර්භාෂයේ ඇතිවන අසාමාන්‍යතා පිළිබඳ කතාබහ කරනවා නම් උපතින් මවගේ ශරීරයේ ගර්භාෂයේ හැඩයේ පවතින වෙනස්කම් නිසාද ගබ්සා වීම් සිදුවිය හැකියි.

කෙසේ වෙතත් මෙය ස්වභාවිකව ඇතිවන හේතු තුළින් සිදුවන ගබ්සාවීම් මුල් මාස තුනේදී සිදුවීම අතිශ්‍ය සාමාන්‍ය හා වැළැක්වීමට අපහසු තත්ත්ව වේ. නමුත් දෙවන තෛ‍්‍රයි මාසිකයේ සිදුවන ගබ්සාවීම් බොහෝ දුරට වැළැක්විය හැකියි. මේ සඳහා ශල්‍යකර්ම යොදා ගන්නා බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

ගබ්සා වීම් වලදී ඇතිවන සංකූලතා පිළිබඳ පැහැදිලි කළොත්

මූලික වශයෙන් අධික රුධිර වහනය, ගර්භාෂය ආශි‍්‍රත ආසාදන හා ඒවා කුස තුළට ව්‍යාප්ත වීම පවා සිදුවිය හැකියි.

ගබ්සාවීම්වල රෝග ලක්ෂණ පෙන්වන තවත් රෝග මොනවාද?
පැලෝපීය නාලය තුළ කලල ඇතිවීම නිසා, ගබ්සා වීම් ඇතිවන තත්ත්ව වලට සමාන ලක්ෂණ පහළ වේ. අර්තවය නතර වීම, රුධිර වහනය, වේදනාවන් ද සමඟ කලලයේ කොටස් මෙහිදී පිටවිය හැකියි. මෙය නල ගර්භය ලෙසින්ද හැඳින්වේ.

මෙසේ පැලෝපීය නාලය තුළ ඇතිවන ගැබ් ගැනීම් නිසා කලලය වර්ධනය වනවාත් සමඟම නාලය පුපුරා, එම රුධිරය මවගේ කුස තුළට වෑස්සීම පවා සිදුවිය හැකියි. මෙය ඉතා භයානක තත්ත්වයක්. ඊට අමතරව බුබුළු අර්බුදය ්‍ය ඵදකැ රෝගයේදීත් ඉහත ලක්ෂණ පෙන්විය හැකියි. මෙහිදී ළදරුවෙක් සෑදීම සඳහා පැමිණි සෛල කොටස් නිසා මෙම ගෙඩි ඇති වේ. නමුත් ළදරු කලලයටත් වඩා ඒවා වේගයෙන් වර්ධනය වන අතර පිළිකා අවදානමක් ද ඇති කරයි.

ගබ්සා සිදුවීම් ප්‍රධාන අවස්ථා මොනවාද?

තර්ජිත ගබ්සාව මෙහිදී රුධිරය පිටවීමක් සිදුවන අතර කලලයට බලපෑමක් ඇති නොවේ.

නිහඬ ගබ්සාව මෙහිදී දරුවා කුස තුළම මියගොස් පිටනොවී කුසේම සිටින අතර දරුවාගේ හෘදය ස්පන්දනය නොවේ. අසම්පූර්ණ ගබ්සාව  කලලයේ කොටස් අසම්පූර්ණව පිටවීම මේ නම් වේ.

සම්පූර්ණ ගබ්සාව මෙහිදී සම්පූර්ණයෙන් කලලය ගබ්සා වේ. ඉහත අවස්ථා 4න් දරුවා බේරා ගත හැකි වන්නේ පළමු අවස්ථාවේදී පමණි. එනම් තර්ජිත ගබ්සාවේදී පමණි.

මවට රුධිරය පිට වුණොත් බිය විය යුතුද?
මව විවේක ගැනීමෙන් පමණක් මෙවන් විටෙක සෑහීමකට පත්විය නොහැකියි. තත්ත්වය දරුණු වීමට පෙර හේතුව නිශ්්චිතව සොයා ගැනීම වැදගත්. ඒ නිසා ස්කෑන් පරීක්ෂාවක් කළ යුතුයි.

ගබ්සා කිරීම් (ඇබෝෂන්) ගැන කතා කළොත්?

නිරෝගී කලලයක් කෘත්‍රිමව බලෙන් ඉවත් කිරීම ගබ්සා කිරීම් නම් වේ. මේ සඳහා නීතිමය වශයෙන් අවසරයක් නොමැති අතර මවගේ ජීවිතය යම් අනතුරක තිබේ නම් පමණක් ඊට අවසර හිමි වේ. මෙසේ නීති්‍යානුකූලව ගබ්සා සිදු කළ හැක්කේ මවට හෘද රෝග තිබේ නම්, පිළිකාව සහ දරුණු මට්ටමේ මානසික රෝග (සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීම වැනි) තිබේ නම් පමණි.

No comments:

Post a Comment