Tuesday, August 5, 2014

ගැබිනි සමයේ මතුවන යකඩ ඌනතාව

http://s3.thehealthsite.com/wp-content/uploads/2014/01/pregnancy-recipes.jpgගැබිනි සමයේ මතුවන යකඩ ඌනතාව

විවාහ ජීවිතයට ඇතුළත්වන සෑම කාන්තාවකගේම ඒකායන අරමුණ වන්නේ නිරෝගිමත්, බුද්ධිමත් දරුවකු මෙලොවට බිහි කිරීමය. මේ අරමුණ කරා ළඟා වීමේදී නිරෝගී දරුවකු බිහිකිරීමට අවශ්‍ය වන කායික සුදුසුකම් මෙන්ම පෝෂණ අවශ්‍යතාද මූලික වේ.
මෙම පෝෂණ අවශ්‍යතා සපුරාගත යුතු වන්නේ ගර්භනී සමයට පෙර සිටමය. එසේ වීමට හේතුවන්නේ ගර්භනීභාවයට සහ එහි ප්‍රතිඵලයටත්, මව්කිරි දෙන සමයේ මවගේ ක්‍රියාකාරීත්වයටත් පෝෂණ තත්ත්වය සෘජුවම බලපාන හෙයිනි.

ගර්භනී සමයේදී පෝෂණ අවශ්‍යතාවයන් පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුත්තේ මෙම කාලසීමාව මවට මෙන්ම ඉපදීමට සිටින දරුවාට ද විශාල වශයෙන් බලපාන නිසාය. විශේෂයෙන්ම සෙසු පෝෂක අවශ්‍යතාවයන් සමග යකඩ අවශ්‍යතාවය මෙම අවධියේදී වඩාත් ප්‍රමුඛ වේ. අවශ්‍ය තරම් යකඩ නොලැබීම හේතුකොටගෙන යකඩ ඌනතා නිරක්‌තිය ඇතිවේ. මෙය මවගේ මෙන්ම කලල වර්ධනයට ද දැඩි බලපෑම් ඇති කරවන තත්ත්වයක්‌ වේ.

සාමාන්‍යයෙන් ගර්භනී මවකගේ රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය 11ග0ටරැdක (ඩෙසිලීටරයට ග්‍රෑම්) පමණ විය යුතු අතර වයස අවුරුදු 15 ට වැඩි ගර්භනී නොවන කාන්තාවන්ගේ රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය 12ග0ටරැdක පමණ විය යුතු බවට නිර්දේශ කර ඇත.

රුධිරගත හිමොග්ලොබින් සාන්ද්‍රණය ඩෙසි ලීටරයකට ග්‍රෑම් 11 ට (11ටරැdක) වඩා අඩුවීම නිරක්‌තිය තත්ත්වය වන අතර රුධිරගත හිමොග්ලොබින් සාන්ද්‍රණය ඩෙසි ලීටරයකට ග්‍රෑම් 7 ක්‌ (7ටරැdක) හෝ ඊට වඩා අඩුවීම උග්‍ර නිරක්‌තිය ලෙසද හඳුන්වනු ලබයි. (ලෝක සෞඛ්‍ය සංවිධානය)

ශරීරයේ සහ ඇට මිදුළුවල සාමාන්‍ය යකඩ තැන්පතු අවසන් වීමෙන් පසුව යකඩ ඌනතා නිරක්‌තිය තත්ත්වය ඇතිවේ. යකඩ ඌනතා නිරක්‌තිය තත්ත්වය ඇතිවීමට වැඩි අවදානමක්‌ ඇති කණ්‌ඩායම් අතරට ප්‍රජනන අවධියේ පසුවන කාන්තාවන් සහ (මානසික ඔසප් වීම නිසා) ගර්භනී හෝ කිරි දෙන මව්වරුන් (යකඩ අවශ්‍යතාවය වැඩිවීම නිසා) ඇතුළත් කර තිබේ.

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ පවතින ප්‍රජා සෞඛ්‍ය ගැටලුවක්‌ බවට "යකඩ ඌනතාවය" පත්වී ඇති අතර ජාතික ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳ සමීක්‍ෂණයට අනුව (2010) ගර්භනී නොවන වයස අවුරුදු 15 ත් - 49 ත් අතර කාන්තාවන්ගෙන් 22.2% ක්‌ද, ගර්භනී මව්වරුන්ගෙන් 16.7% ක්‌ද නිරක්‌තිය තත්ත්වයට ගොදුරු වී ඇත.

එසේම මෙම වයස්‌ කාණ්‌ඩයේ නිරක්‌තිය තත්ත්වයේ ව්‍යාප්තිය නාගරික, ග්‍රාමීය හා වතු අතර මෙන්ම දිස්‌ත්‍රික්‌ අතරද පැහැදිලිs විෂමතාවයක්‌ දක්‌නට ලැබේ.

ගැබිනි සමයේ යකඩ ඌනතා නිරක්‌තිය ඇති මව්වරුන් හඳුනාගැනීම

ශ්‍රී ලංකාවේ මව්වරුන් අතරින් 56% - 78% ත් අතර පමණ වූ පෝෂණීය නිරක්‌තිය මේ වනවිට 16% ක්‌ දක්‌වා අඩුවී ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් වාර්තා කර ඇතත්, තවමත් මෙය ජාතික සෞඛ්‍යය ගැටලුවක්‌ බවට හඳුනාගෙන ඇත.

යකඩ ඌනතා නිරක්‌තිය ඇතිවීමට වැඩි අවදානමක්‌ සහිත කණ්‌ඩායම් අතර ප්‍රජනන අවධියේ කාන්තාවන් හා ගර්භනී හෝ කිරි දෙන මව්වරුන් ඇතුළත් වී තිබීම හරහා ද මෙම ගැටලුවේ පවතින ස්‌වභාවය අවබෝධ කරගත හැකිවේ.

මෙම අවධියේදී මව්වරුන් නිරක්‌තිය තත්ත්වයේ අවස්‌ථා තුනක්‌ යටතේ හඳුනාගැනීම සිදුකෙරේ.

* මද නිරක්‌තිය

* මධ්‍යම නිරක්‌තිය

* උග්‍ර නිරක්‌තිය

මව්වරුන්ගේ සායනික පරීක්‍ෂාවේදී අදාළ සෞඛ්‍ය නිලධාරීන් ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගෙන අවශ්‍ය කටයුතු සැලසීම හා දැනුවත් කිරීම සිදුකරනු ලැබේ.

ගැබිනි සමයේ යකඩ ඌනතා නිරක්‌තිය ඇති මව්වරුන් හඳුනා ගැනීම

මාතෘ මරණ ඇතිවීමේ වැඩි අවදානම

දරුවා බිහිවීමෙන් පසුව මව මරණයට පත්වීමේ දැඩි අවදානම (පරාජන්ම මරණ)

මාතෘ සංකූලතා ඇතිවීම

ගබ්සාවීමට ඇති අවදානම

නොමේරූ දරු ප්‍රසූතිය (ප්‍රාග් පරිණත දරුවන්)

කලලයේ ස්‌නායු පද්ධතියේ ආබාධ ඇතිවීමේ අවදානම

අඩු බර උපත් ඇතිවීම

මවට දෛනික කටයුතු කරගැනීමේ ධාරිතාවය අඩුවීම දරුවාගේ වර්ධනය හා සංවර්ධනය හීනවීමට ද හේතුවේ.
ෙµdaලේට - මෙම සමයේ මුල් සති කීපය තුළදී ෙµdaලේට අවශ්‍යතාවය ඉතා ඉහළ වන අතර බොහෝ කාන්තාවන් තමන් ගර්භනී බව නොදැනීම නිසා බොහෝ විට මෙම අත්‍යවශ්‍ය පෝෂකය කලලයට නොලැබී යා හැකිය. මෙම තත්ත්වය වළක්‌වා ගැනීමේ පෙර සූදානමක්‌ ලෙස යම් විවාහක කාන්තාවක්‌ තමන් දරුවකු අපේක්‍ෂා කිරීමට සැලසුම් කරන්නේ නම් එදින සිට ෙµdaලේට අම්ලය පෙති දිනපතා භාවිත කළ යුතුවේ. මෙමගින් ගැබිනි සමයේ ඇතිවිය හැකි රක්‌තහීනතාවය අවම කරගැනීමටද ඉඩ සැලසේ. ෙµdaලේට මගින් දරුවාගේ ස්‌නායු පද්ධතියේ ඇතිවිය හැකි ආබාධ වැළකෙන අතරම ඉහත කී අයුරින් ගැබිනි සමයට පෙර හා ගැබිනි සමයේදී ද ෙµdaලේට ගැනීමෙන් යහපත් ප්‍රතිඵල ළඟාකර ගත හැකිවේ.

යකඩ -

ගැබිනි සමයේ යකඩ අවශ්‍යතාවය ඉතා ඉහළය. ඉහළ යන රුධිර සෛල ප්‍රමාණය නිෂ්පාදනයට, කුස තුළ වැඩෙන කලලයේ වර්ධනයට හා ගර්භාෂයේ පටක හා කලල බන්ධය (වැදැමහ) වර්ධනයට ද යකඩ ඉතා අවශ්‍ය වේ.

ගර්භනී සමයේ දෙවැනි, තුන්වන මාස ආරම්භවීමත් සමගම යකඩ අවශ්‍යතාවය ඉහළ යන අතර එය ගර්භනී සමයේ අවසාන භාගය වනවිට උපරිම වේ. එසේම දරුවා බිහිවී කිරි ලබාදෙන අවධිය තුළදීත් යකඩ අවශ්‍යතාවය ඉතා ඉහළය. එබැවින් මෙම අවධි තුළදී ආහාර වේලට යකඩ අඩංගු ආහාර ප්‍රමාණවත් ලෙස එකතු කරගත යුතුද වේ.

ගර්භනී සමයේදී හා කිරි දෙන අවධියේදී යකඩ පෙති පරිපූරකයක්‌ ලෙස ගැනීමට නිර්දේශ කර ඇති අතර ගර්භනී සමයේ දෛනික යකඩ අවශ්‍යතාවය 50 පට සිට 110පට ක්‌ දක්‌වා වැඩිවේ. සියලුම ගර්භනී මව්වරුන්ට ගර්භනී අවස්‌ථාවේ පළමු සති 12 න් පසුව මුළු ගර්භනී සමය තුළද, ප්‍රසවයෙන් මාස 06 ක්‌ යන තුරුද යකඩ ෙµdaලික්‌ අම්ලය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. මෙහි අරමුණ වන්නේ අමතරව යකඩ 60පට ක්‌ ලබා දීමට කටයුතු කිරීමය. මෙම පෙති සමග විටමින් සී 50පට ක්‌ද ලබාදේ. මෙමගින් යකඩ අවශෝෂණය වැඩිදියුණු කිරීම සිදුවේ.

යකඩ පෙති හිස්‌බඩ ගැනීම ඉතා සුදුසුම හා නිවැරැදිම ක්‍රමය වුවත්, සමහර ගර්භනී කාන්තාවන්ට ඇතිවන ඔක්‌කාරය, වමනය වැනි අතුරු ආබාධ හේතුවෙන් ඔවුන් ආහාර වේලකින් පසුව යකඩ පෙති ගැනීම සුදුසුය.

යකඩ පෙති ගැනීම නිසා සමහර කාන්තාවන් හට ඇතිවන පීඩාකාරී බලපෑම් අවම කරගැනීමට නින්දට යැමට පෙර හෝ පලතුරු යුෂ සමග යකඩ පෙති භාවිත කළ හැකිය.

දරු ප්‍රසූතියෙන් මාස 06 ක්‌ යනතෙක්‌ නොකඩවා යකඩ පෙති ලබාගත යුතු අතර, එමගින් මවගේ ශරීරය තුළ තිබෙන යකඩ සංචිතය යථා තත්ත්වයට පත්වේ. එමෙන්ම මව රක්‌තහීනතාවයට ලක්‌වීමේ අවදානම ද අවම වේ. තවද ස්‌නායු ආබාධ සහිත දරුවන් බිහිකර ඇති මව්වරුන් ඊළඟ ගැබ්ගැනීම දක්‌වාමද ෙµdaලික්‌ අම්ලය නොකඩවා ලබාගත යුතුවේ.

යකඩ පෙති හා ෙµdaලික්‌ අම්ලය ගබඩා කිරීමේදී ඔක්‌සිකරණය වීමට හැකි නිසා වාතය ඇතුළු නොවන සේ අඳුරු ඇසුරුමක බහා හොඳින් වසා තැබිය යුතු වේ.

යකඩ අවශෝෂණයට ඇති බාධා -

තේ සහ කෝපිවල අඩංගු ටැනින් සහ කැෙµaන් යන රසායනික ද්‍රව්‍යයන් මගින් යකඩ අවශෝෂණයට බාධා ඇතිවේ. එනිසා ප්‍රධාන ආහාර වේලකට පැයක්‌ ඇතුළත හා පසු පැයක්‌ තේ හෝ කෝපි පානය නුසුදුසු වේ. තවද කැල්සියම් වැනි ඇතැම් අත්‍යාවශ්‍ය ඛනිජ ලවණද යකඩ අවශෝෂණයට බාධා ගෙන දේ. යකඩ පෙති සමග තේ, කෝපි, කිරි, කැල්සියම් බහුලව අඩංගු ආහාර, කෝලා වැනි බීම වර්ග හෝ කැල්සියම් පෙති එකවර ගැනීම ද නොකළ යුතුවේ. යකඩ හා කැල්සියම් පෙති අවස්‌ථා දෙකකදී පානය කිරීම සුදුසු වේ. එනම් උදැසන කැල්සියම් පෙත්තත් රාත්‍රියට යකඩ පෙත්තත් ලබාගත හැකිවේ.

ගැබිනි සමයේදී ෙµdaලේට යකඩ මෙන්ම කැල්සියම්, විටමින් සී හා අයඩින් අවශ්‍යතාවයද නියමිත පමණට සපුරාගත යුතුවේ.

ගැබිනි සමයේ ලබාගත යුතු යකඩ බහුල ආහාර

ගර්භනී සමයේදී වැඩිවන පෝෂණ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පෝෂ්‍ය පදාර්ථ සපිරුණු ආහාර වර්ග ලබාගැනීම ඉතා වැදගත්ය.

සත්ත්ව ආහාර (හීම් යකඩ)

මස්‌ (ඌරු, එළු, හරක්‌) මාළු (මුහුදු මාළු, මිරිදිය මාළු, තෙල් සහිත මසුන්) කරවල, හාල්මැස්‌සන්, කලපු මත්ස්‍යයන් (ඉස්‌සන්, පොකිරිස්‌සන්, කූනිස්‌සන්) පීකුදු බිත්තර (බිත්තරවල අඩංගු දැ ශරීරයට උරා ගැනීම සඳහා විටමින් C අඩංගු ආහාරයක්‌ සමග කෑමට ගන්න.

ශාකමය ආහාර

තම්පලා, සාරණ, ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා, කළු අලකොළ, කැරට්‌ සහ බීට්‌ කොළ, නිවිති මුරුංගා කරල් සහ කොළ නෙළුම් අල හා එළවලු.

ධාන්‍ය

සහල්, බඩ ඉරිඟු, කුරක්‌කන්

කව්පි, කඩල, මුං, පරිප්පු , උළුඳු, සෝයා බෝංචි

සත්ත්වමය ආහාර වලින් ලබාගන්නා යකඩ (හීම් යකඩ) ශාකමය ප්‍රභවයන්ගෙන් ලබාගන්නා යකඩවලට (හීම් නොවන යකඩ) වඩා පහසුවෙන් ශරීරයට අවශෝෂණය වේ. නමුත් ධාන්‍ය හා මාෂ භෝග වර්ග බීජ අංකුර ඇදෙන තෙක්‌ (ප්‍රරෝහණය) පෙඟවීමෙන් හා විටමින් C බහුල ආහාර කෑමවේලට එක්‌කර ගැනීමෙන් නිර්මාංශ ආහාරවල ඇති යකඩ අවශෝෂණය කිරීමේ හැකියාව වැඩිකළ හැකිය. (දෙහි, දොඩම්, නෙල්ලි, පේර, කාමරංගා, වෙරළු, සියඹලා, තක්‌කාලි, ගොටුකොළ සහ කතුරුමුරුංගා විටමින් C බහුල ආහාර වේ.)

ආන්තික රෝග ප්‍රතිකාරය සහ පාලනය

ගර්භනී සමයේ මවගේ නිරක්‌තිය වළක්‌වාලීම සඳහා ආන්තික පණු රෝග පාලනය හා වැළැක්‌වීමට මෙබෙන්ඩසෝල් පණු ප්‍රතිකාරය පළමු ෙත්‍රෙමාසිකය (සති 12 න් පසුව) අවසන් වූ විගස ලබාදෙනු ලැබේ. ආන්ත්‍රික පණු ආසාදන වැළැක්‌වීමට උපකාරී වන පාවහන් භාවිතය, ක්‍රමානුකූලව වැසිකිළි ගොඩනැගීම හා භාවිතය, සෞඛ්‍යාරක්‍ෂිත ජල සැපයුම, කෑමට පෙර වැසිකිළි භාවිතයෙන් පසුව දැත් සේදීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමද ඉතා අවශ්‍යයි.

ගර්භනී සමයේ මැලේරියා රෝගය පාලනය කිරීම

ගර්භනී සමයේ මැලේරියා රෝගයට ඉතා පහසුවෙන් ගොදුරු වීමට හැකියාවක්‌ ඇති අතර මැලේරියා රෝගය ද නිරක්‌තිය සඳහා බලපායි. මැලේරියාව රෝගය බහුලව පවතින ප්‍රදේශවල ජීවත්වන ගර්භනී මව්වරුන්ට පළමු ෙත්‍රෙමාසිකය අවසන් වූ පසුව සහ පසු ප්‍රසව සමයේ (දරු ප්‍රසූතියෙන් දින 42 ක්‌ දක්‌වා) රෝග වැළඳීමෙන් ආරක්‍ෂා වීමට ක්‌ලෝරෝකුවින් පෙතිs 02 ක්‌ කෑමට පසු සතියකට වරක්‌ ලබාදෙනු ලැබේ. එසේම මැලේරියා රෝගය බහුල ප්‍රදේශවල සිටින සියලුම මව්වරුන් ප්‍රථමවරට සායන වෙත පැමිණි අවස්‌ථාවේදී මැලේරියා රෝගය සඳහා වන රුධිර පරීක්‍ෂාවට භාජනය කිරීමද සිදුකෙරේ.


වෛද්‍ය නිල්මිණී හේමචන්ද්‍ර
ප්‍රජා වෛද්‍ය විශේෂඥ
පවුල් සෞඛ්‍ය කාර්යාංශය
සෞඛ්‍ය අමාත්‍යාංශය

No comments:

Post a Comment